(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුර පොල තුළදී පොලිස් සැරයන්වරයකු අද ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි කොටවිල පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ (59745ජ) කුමරප්පෙරුම ආරච්චිගේ රංජිත් (52) නැමැති සැරයන්වරයෙකි.

මාතර තුඩාවේ පදිංචිකරුවෙකු වන ඔහු තිදරු පියෙකි. වසර 30 කට ආසන්න කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරි කර තිබෙන බවද කියති.