IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් වෙසින් මුදල් ගත් සෙබළු 4ක් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න සූරිය)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීගමුව බඩල්ගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් බලහත්කාරයෙන් රුපියල් දහස් ගණනින් මුදල් ලබා ගැනීමේ  නිරතව සිටියේ යැයි කියන හමුදා සෙබළුන් හතර දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි .

කසිප්පු පෙරීමේ නිරතව සිටින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමෙන්  වැළකී සිටීම සඳහා යැයි කියමින් සැකකරුවන් සිව්දෙනා මෙවැන්නක් සිදු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අඩංගුවට ගත් සැකකාර සෙබළුන් සිව් දෙනා යුද හමුදාව  පවත්වාගෙන යන ඇඟලුම් කම්හල් හතරක රාජකාරි කරන අය වෙති.

මීගමුව කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ උපදෙස් මත බඩල්ගම පොලීසිය සැක කර යුද හමුදා සෙබළුන් සිව් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (0)

පොලිස් වෙසින් මුදල් ගත් සෙබළු 4ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site