
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස් වාර්තාවක් රැගෙන නොඑන කිසිම කෙනෙකුට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා බැලීමට අවස්ථාව නොදෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය
මේ නිසා අවුරුදු විසි එකක ඔහුගේ දරුවාටත් සිය පියා බැලීමට පොලිස් වාර්තාවක් රැගෙන ඒමට සිදුව ඇති බවත් මේක මහ පුදුම නීතියක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
ඔහු මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
සැකකරුවකු නොවන පුද්ගලයකු අරගෙන ඇවිත් ඔහු හිර භාරයට පත් කරලා.
මෙය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්. අද නීතිඥයා කතා කරන්න ඕනෙත් ඒගොල්ලන් ඉදිරියේමයි. පැය 48ක් ඇතුළත නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු නමුත් එය ඉදිරිපත් කර නැහැ
මෙම හදිසි තත්ත්වය ගැසට්ටුව සමග නියෝග නැහැ. මේව කතා කරනකොට එතුමාගේ චෝදනා කතා කරනවා කියලා කතානායකතුමා කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. කථානායක ඔය පුටුවේ ඉන්නේ තව ටික කාලයයි. එතකොට අපිට කතා කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.
නීතිය සැමට සමාන බව ජනාධිපති කියද්දී කුමාර ජයකොඩිට නීතිය ක්‍රියාත්මක නොවන බව පැවසූ ජයසේකර මහතා අද ක්‍රියාත්මක වන්නේ රනිල්ට එක නීතියක් කුමාර ජයකොඩිට එක නීතියක් බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි අංශෙනේ හිටියේ, ඒකයි. අනෙක ළදරුවන්ට පොලිස් වාර්තා ගන්න නම් වැඩිහිටියෙක් එක්ක යන්න.
අරමුදලෙන් හොරා කාපුවා දීලාම කතාකෙරුවා නම් ටිකක් විතර ගෞරවනීයයි...
එතැන ගිහිල්ලා මොන නොසණ්ඩාල වැඩක් කරයිද දන්නේ නැහැ... බොරු කෙලින එකේ නිමාවක් නැහැ... බලයට එන්න නම් හිතන්නවත් එපා. ඒ තරමට තමුන්ලා පිරිහිලා...
දයාසිරි, ඔයාටයි අර ජාති ද්‍රෝහී මුජීබුර් රහ්මාන්ටයි ඇයි මෙච්චර හදිස්සි? ඇයි ඔයාල මෙච්චර කල බල වියයුතුයි? ඔතන විමර්ශනයක් වෙමින් පවතින්නේ? සලේගේ දරුවන්ට තමාගේ පියාව බලන්න බැරි වුනා කියල, ඔයා මෙහම අනුගම්පා වෙනවා නම්, මෙම ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටු වෙන්න ඕනේ නැද්ද?