(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගංජා සමග අත්අඩංගුවට ගත් සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙස ඉල්ලා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පොලිසිය තුළදී රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ලබා දුන් කාන්තාවක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත් අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
අවිස්සාවේල්ල පොලීසියට ලද තොරතුරක් අනුව, උපාය දූතයකු ලවා සැකකාරියගේ සැමියා ගංජා ජාවාරම් කරමින් සිටියදී රුපියල් 27 000ක මුදලක් දී ගංජා ග්‍රෑම් සියයක් ලබා ගැනීමෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස වටලා පරික්ෂා කිරීමේදී ගංජා කිලෝ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 රඳවා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියේ රඳවාගෙන සිටිය දී සැකකාරිය පැමිණ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හමුවී තම සැමියාට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ලබාදෙන බවට පවසා තිබූ බව පොලිසිය කියයි.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ සිතාවක කොට්ඨාස ර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඒ ජේ කොඩිතුවක්කු මහතා දැනුවත් කිරීමෙන් සැකකාරිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස ලබා දුන් උපදෙස් අනුව සැකකාරිය අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ දෙකහමාර මදි නිසාද? කාගේත් අවංකභාවයට මුදලේ වටිනා කමක් තිබෙනවා කියා මම ඉගෙනගෙන තිබෙනවා. කල්ෂ 10 උනානම් සමරටවිට ඉල්ලීම සලකාබලන්න තිබුනා.
වෙන මොනවා හරි ඉල්ලා දෙන්න බෑ කියන්න ඇති. නැත්නම්ෂුවර් එකට ගාණ මදි ඇති. ඌරා කවදද ජරාව කන එක නතර කරන්නේ.දැන් තෙල් ,ගෑස් ටික පවා බලය පෙන්නලා අහිංසක මිනිස්සුන්ට ලැබෙන එකෙන් උදුර ගන්නවා මුන්.මස් කඩෙන් මාළු කඩෙන් එළවලු කඩෙන් පවා හැමදේම ගන්නේ පවර් එකෙන් තමයි. පොලිස් රිපෝට් එක දෙන්න ගෙදරට ඇවිත් සුබසාධක වැඩකට කීයක් හරි දෙන්න කියලත් ඉල්ලුවා.