
(ගයාන් සූරිය ආරච්චි)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 25 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත එම ස්ථාන මාරු ලබා දී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 16 දෙනකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට එම ස්ථාන මාරු ලබා දී ඇත.
එම නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 5 දෙනෙකු සාමාන්‍ය රාජකාරි වලට මාරු කර ඇත.
පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් කීප දෙනෙකුද පොලිස් ස්ථානාධිපති තනතුරට මාරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු ටිකටත් මූසල ජෙප්පන් ප්ලෑන් කරන්න යන්නේ...
පොලිස්පතිතුමා මෙහෙම මාරුවීම් ගැන දැනුවත්ද? නියම ක්‍රියාපටිපාටියට අනුව මෙම මාරුවීම් සිදුවෙනවාදැයි සොයාබැලිය යුතුය. මොකද පොලිසියේ ලොකු පුටුවල තවමත් කලු බැටළුවන් ඉන්නවැයි කියලා මාධ්‍යවල සදහන් වෙනවා.