(යොහාන් භාසුර)
පොලිස් නිල බස් රථවලින් ඩීසල් හොරෙන් ලබාගෙන විකිණීමේ ජාවාරමක නිරතව සිටි පොලිස් කොස්තාපල් රියදුරන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (29) අත්අඩංගුවට ගත්තේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මරදාන ප්‍රදේශයේදී ක්‍රියාත්මක මෙම ජාවාරමට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වාහනවල හොරෙන් තෙල් ඇද්දේ නැති වාහනයක් තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියනවාද? මොකද ඒ වාහනේ පුදුම හතෙන් එකක් විදියට නම් කරන්න...
පොලිසියට හොරු අල්ලලා දෙන්න වෙන්නෙත් මීඩියාවලින්...
ග්‍රෑන්ඩ්පාස් පාරේ තියෙන කාර්යාල ගොඩනැගිල්ලේ බේස්මන්ට් වාහන පාක් එකේදී මටත් ඔය වගේ වැඩක් දුන්න අවුරුදු කීපයකට කලින්. කාර් එකේ පෙට්‍රල් ටැංකියේ බටේ ගලවලා පෙට්‍රල් ඇදලා තිබුනා. මොනවා වුණත් කට වහගෙන ඉන්න වුණා. ඒ ගොඩනැගිල්ලේ රස්සාව කරන්න ඕන හින්දා...