IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස් බලතල හැර බලය බෙදන්න සූදානම්

(අංජුල මහික වීරරත්න)

පොලිස් බලතලවලට අතගහන්නේ නැතිව බලය බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගත යුතුව තිබෙන බව කී ජනාධිපතිවරයා ඉඩම් බලතල සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසමේ පනත අනුව ක්‍රියා කරන බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා දැන් ඉටු කරන්නට තිබෙන්නේ සහජීවනයේ අන්තිම කොටස බව සඳහන් කළේය.

"සංහිඳියාව සඳහා ආගම්'' යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී  පැවති 2024 අන්තර් ආගමික සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (4)

පොලිස් බලතල හැර බලය බෙදන්න සූදානම්

රංබොඩ Wednesday, 28 February 2024 03:59 PM

ඔව් ඔව් බෙදලා බෙදලා රජකම රැකගන්නකෝ. අනාගත පරපුරට පුළුවන්නේ රට ජාතිය බේරගන්න යුද්ධ කරන්න.

:       7       24

පිටරටවැසියා Wednesday, 28 February 2024 04:02 PM

ඔන්න ඔහේ දීලා දාන්න සර් අනිත් ඒවාත් දෙන එකේ... මීට කලින් අපි කෑල්ලක්ම දෙන්න හැදුවේ, හා නැද්ද?

:       6       21

Nimal Wednesday, 28 February 2024 04:52 PM

මුළු රටම විකුණන් කන එකේ ඕක මොකක්ද? ඡන්දයකුත් ළඟ එන බව නම් දෙන හරිම පැහැදිලියි.

:       6       14

Bamunuarachchi Friday, 01 March 2024 06:30 AM

ලොක්කා මාමා සහ රජීව් ඝාන්ධි අතර දෙමළුන්ට බලය බෙදාදීමේ ගිවිසුම ජනතාවගේ කැමැත්තෙන් සිදුවුන ගිවිසුමක් නොවේ. වතු දෙමල්ලු ඉන්දියාවට පැටවීම ශ්‍රීමා - සාස්ත්‍රී ගිවිසුම් ජනතාවගේ කැමැත්තෙන් සිදු උන රටට වැඩදායක ගිවිසුමකි. බලතල බෙදන්න කලින් ශ්‍රීමා - සාස්ත්‍රී ගිවිසුම් ක්‍රීයාත්මක කරන්න. තවටික දවසකින් වතු දෙමළා ඉන්දියානු සහයෙන් උඩරට වෙනම රාජ්‍යක් ඉල්ලන විට අපිට ඔබේ වලට හෙන ඉල්ලන්න වෙනවා ෂුවර්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site