
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිලදී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයෙකු අඹ ගෙඩි වලින් සහ මිල දර්ශනයෙන්ද පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ප්‍රහාරයට ලක් වූ මොනරාගල දොඹගහවෙල ඇලේලන්ද පදිංචි ආර් ටි උද්දිකා නමැත්තිය ප්‍රතිකාර සඳහා සාලාව රෝහල වෙත ඇතුළත්ව ඇත
අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ වනහගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු වෙළඳ සැලකට අඹ මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි මිල සම්බන්ධයෙන් ඇති වූ කතාබහ දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිලධාරියකු පහරදුන්නැයි අඹ වෙළන්දියකගෙන් පැමිණිල්ලක්
අරවින්ද මොනරවිල Friday, 02 February 2024 01:42 PM
අඹ ගෙඩියක්වත් සල්ලීදීලා කාලා නැති කෙනෙක් වෙන්න ඕනෑ, අය හොඳටම දන්නේ පිනට කෑමයි ජරාව කෑමයි තමයි....!
kassapa Friday, 02 February 2024 02:11 PM
මේ මිනිහාට විලිලැජ්ජා නැතිද? එදාවේල හොයාගන්න වෙරදරන අහිංසකයෙකුට තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වන්න... සමහරවිට තමන් අසවලා කියලා අඹ නිකන් ගන්න ගියාද දන්නේ නැහැ. කොහෝම වුණත් මේ වගේ පහත් වැඩකරන අයට නිසි දඬුවම් දෙන්න දේශබන්දු මහත්තයා කටයුතු කරාවි යයි මම හිතනවා. මේ ඒඑස්පී දන්නේ නැතිව ඇති ඔයිට වඩාගොඩක් ලොකු නිලධාරීන් දැන් හිරේ ඉන්න බව...!
අසාධාරණ Friday, 02 February 2024 06:08 PM
කාෂ්‍යප හරියට හරි... ඔය මිනිහා සේවයේ යෙදුනු දවසේ සිට කිසිම දෙයක් මුදලක් දීලා අරගෙන නැතුව ඇති කියලා ඉතාමත් පැහැදිලියි... ඒක තමයි ඔහොම කරන්න ඇත්තේ... එදාවේල සරිකල දුප්පත් පැලක දරුවන්ගේ කුසගිනි නිවන්න මෙම තරුණ ළද මහන්සි වෙන්න ඇති හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුණා වගේ ඒකටත් ASP වැටුණාම කාට කියන්නද දෙයියනේ... දැන් අපි මේ දෙන්නා ගැන මෙහෙම හිතමු ASP මංකොල්ල කාලා අඹ අරගෙන ගෙදර ගිහිල්ලා අඹුදරුවෝ සමග සතුටින් අඹ කනවා. ඔහුගේ බිරිඳ හා ළමයින් කියාවි... අනේ මේ අඹ හරිම රසයි හෙටත් ගේන්න කියලා. එතකොට වෙළඳාම කළ අම්මා අද හිස් අතින්ම ගෙදර ගියාම (අඹ ගොඩ විනාශ නිසා) ඉදිරියට එන ළදරුවන් අම්මේ මොනවද ගෙනාවේ කියලා අහවි ඒ අම්මා මොනවත් නැහැ කිව්වාම දරුවන්ට ඇතිවන පීඩනය හා රාත්‍රියේ කෑමට දෙයක් නැතුව නින්දට ගියොත් ඇතිවන හැඟීම ඔය ලොකු ලොක්කන්ට ඔවුන්ගේ අඹුවන්ට හිතාගන්න බැරිවේවි ලෝක පාලක දෙවියන් ඉන්නවා නම් මේවාට දඬුවමක් දේවි කියලා හිතෙනවා..!
Buddika Friday, 02 February 2024 02:21 PM
මොවුන් මහ මීහරක් වගේ අය නිල ඇඳුම දාගත්තාට. පොලිසිය විනාශ කරන්නේ මේ වගේ කාලකන්නි මිනිස්සු. විලිලැජ්ජා නැද්ද කාන්තාවකට ගහන්නේ...?
TironiSaturday, 03 February 2024 06:20 AM
මහ ලොකුවට කියන්නේ කාන්තා හිංසනය නවතමු කියලා... ඒත් ඒවා කරන්න සිටින අයත් මෙහෙම කළාම මොකක්ද කරන්න ඕනෑ කියලා හිතාගන්න බැහැ... වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි කියන්න වෙන්නේ...!
වැඩ නොබලන පො_ _පති Friday, 02 February 2024 02:36 PM
තවම අවම බලයනේ පාවිච්චි කළේ...! මේ වෙළෙන්දිය කතාබහ දුරදිග ගිහිනුත් තාමත් ජීවතුන් අතර... ආඩම්බරයි. අර නාරම්මල වඩුකාර්මික තරුණයා කතාබහ දුරදිග නොගිහිනුත්, එලොව...!
chandima Friday, 02 February 2024 10:02 PM
ජරාව කාලා කාලා පුරුදු වෙලා අඹ කන්න පුරුදු නෑනේ... ඒකයි...!
Chaminda Saturday, 03 February 2024 10:27 AM
ඇත්තටම ඔබ හරි මුදලට අඹ නොගෙන හැමදාම ඉල්ලලා අඹ ගන්න ගිහිල්ලා මුලු පොලිසියේම අසූචි ගාලා කියලා පේනවා... දැන් ඉතින් අඹ වෙළෙන්දෝ එකතුවෙලා ඇඹුල් අඹ වර්ග තියෙනවා නම් ඒවාට මාලුවට අඹ කියන්නේ නැතුව එම නිලධාරිගේ තනතුරේ අකුරුවලින් අඹ කියලා නම් කරමුකෝ...!
Bamunuarachchi Saturday, 03 February 2024 04:57 AM
මේ අය යුනිෆෝම් එක දාගත්තාම මුළු ලෝකෙම අයට යටත් වෙන්න ඕනේ කියලා කාලකන්නි හිතන්නේ. කුඩු කාරයින්ගේ පාතාලයින්ගේ කප්පම් කාලා අඹ ගෙඩියෙනුත් කප්පම් ගන්නයි හදන්නේ...!