IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලිස් ධජවලට සෙත් පතති

(බී.ජී. චතුරංග)

157 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්‍යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියසදී හා රුවන්මැලි සෑරදුන් අභියසදී අද පස්වරුවේ කෙරිණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිස ප්‍රථමයෙන් අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන් වහන්සේ ප්‍රමුඛ පෙරහැරකින් පැමිණ පොලිස් ධජවලට ආශිර්වාද කිරීම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියසදී සිදු කෙරුණි.

මෙහිදී මහා සංඝරත්නය ජය ශ්‍රී මහ බෝධීන්වන්සේ අභියසදී පිරිත් සජ්ඣායනාකර ධජවලට සෙත් පැතුහ.

අනතුරුව පූජාවට පැමිණි සියළුම පොලිස් නිළධාරින් ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියස සහ රුවන්වැලිසෑය අබියස පැවති ආගමික වතාවත්වලට සදහා සහභාගි වූහ.

 



අදහස් (9)

පොලිස් ධජවලට සෙත් පතති

Perera Monday, 04 September 2023 03:18 AM

දේශපාලුවන් පස්සේ යන්නයි, ජනතාව මර්ධනය කරන්නයිද මේ කරන්නේ?

:       0       1

ලුම්බිණි Monday, 04 September 2023 05:25 AM

මේ මොකද්ද මේ?

:       0       3

කොස්තාපල් පුණ්‍යදාස Monday, 04 September 2023 07:25 AM

අප්‍රාණික දෙයකට සෙත්පතා සිදුවන සේවයක් තිබේද ඇත්තටම කරන්න ඕන ප්‍රාණයක් තිබෙන නිළධාරීන්ට ඇත්ත ඇති සැටියෙන් අවබෝධය ඇතිවීමට සෙත් පැතීමක් නේද අඩුම තරමින් හතරවැනි සිල්පදය වත් රැකීමට ශක්තිය ලැබේවා කියලා ආශීර්වාද කරනවානම් රටට සෙතක් වේවි කියලා හිතෙනවා

:       0       3

Pissu polis Monday, 04 September 2023 08:06 AM

මහජනතාවට උදව් කරන්නේ නැහැ මේ අය. දේශපාලුවන්ගේ, අපරාදකාරයින්ගේ පස්සෙන් තමයි ඉන්නේ...

:       0       3

Anura Monday, 04 September 2023 08:51 AM

මේක කල යුත්තේ රටේ පුරවැසියන්

:       0       2

Lalkantha Monday, 04 September 2023 10:39 AM

ඔවුන්ට මොන සෙතක්ද? පට්ට හොරු... පගාකාරයෝ...!

:       0       6

abaran Monday, 04 September 2023 01:56 PM

එතකොට ලබන වසර 158, ඊ ළඟට 159,.. මේවා විකාර නෙවෙයිද? 100, 150, 200 නම් කමක් නැහැ කියමුකෝ... අනික මේවා උතුම් බුදුදහමට පටහැනියි. නිකරුනේ නිලධාරීන් විශාල පිරිසකගේ කාලය නාස්ති කරලා. රජයේ බදු මුදල් වියදම් කරලා කරන සෝබනවැඩ. මේ වගේ විහිළු නවත්වන්න බලධාරීන් වගබලා ගතයුතුයි...

:       0       3

සෙනෙවිරත්න Monday, 04 September 2023 02:55 PM

බුදු දහම යනු ප්‍රශ්නවලට සිල්ලර විසඳුම් දෙන දෙයක් කියලා හිතනතාක් කල් මේ වගේ පසුගාමි, ලෝකෙ හිනස්සන, පූජක පක්ෂයේ හොඳහිත දිනාගන්න කරන, සහ රටේ නූගතුන් ආගමින් මුලාකරන මේ වගේ නිල කටයුතු තවත් සිදුවේවි...!

:       0       1

police horu Monday, 04 September 2023 04:29 PM

බුද්ධාගමත් වැරදියට යොදාගෙන .මේ වගේ මෝඩ තකතීරු ඕලමොට්ටලයෝ සෙට් එකක් .මිනිස්සුන්ට මෙලෝ වැඩක් නැති සේවයක් කරන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site