
(බී.ජී. චතුරංග)
157 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්‍යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියසදී හා රුවන්මැලි සෑරදුන් අභියසදී අද පස්වරුවේ කෙරිණි.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් පිරිස ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන් වහන්සේ ප්‍රමුඛ පෙරහැරකින් පැමිණ පොලිස් ධජවලට ආශිර්වාද කිරීම ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියසදී සිදු කෙරුණි.
මෙහිදී මහා සංඝරත්නය ජය ශ්‍රී මහ බෝධීන්වන්සේ අභියසදී පිරිත් සජ්ඣායනාකර ධජවලට සෙත් පැතුහ.
අනතුරුව පූජාවට පැමිණි සියළුම පොලිස් නිළධාරින් ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියස සහ රුවන්වැලිසෑය අබියස පැවති ආගමික වතාවත්වලට සදහා සහභාගි වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන් පස්සේ යන්නයි, ජනතාව මර්ධනය කරන්නයිද මේ කරන්නේ?
මේ මොකද්ද මේ?
අප්‍රාණික දෙයකට සෙත්පතා සිදුවන සේවයක් තිබේද ඇත්තටම කරන්න ඕන ප්‍රාණයක් තිබෙන නිළධාරීන්ට ඇත්ත ඇති සැටියෙන් අවබෝධය ඇතිවීමට සෙත් පැතීමක් නේද අඩුම තරමින් හතරවැනි සිල්පදය වත් රැකීමට ශක්තිය ලැබේවා කියලා ආශීර්වාද කරනවානම් රටට සෙතක් වේවි කියලා හිතෙනවා
මහජනතාවට උදව් කරන්නේ නැහැ මේ අය. දේශපාලුවන්ගේ, අපරාදකාරයින්ගේ පස්සෙන් තමයි ඉන්නේ...
මේක කල යුත්තේ රටේ පුරවැසියන්
ඔවුන්ට මොන සෙතක්ද? පට්ට හොරු... පගාකාරයෝ...!
එතකොට ලබන වසර 158, ඊ ළඟට 159,.. මේවා විකාර නෙවෙයිද? 100, 150, 200 නම් කමක් නැහැ කියමුකෝ... අනික මේවා උතුම් බුදුදහමට පටහැනියි. නිකරුනේ නිලධාරීන් විශාල පිරිසකගේ කාලය නාස්ති කරලා. රජයේ බදු මුදල් වියදම් කරලා කරන සෝබනවැඩ. මේ වගේ විහිළු නවත්වන්න බලධාරීන් වගබලා ගතයුතුයි...
බුදු දහම යනු ප්‍රශ්නවලට සිල්ලර විසඳුම් දෙන දෙයක් කියලා හිතනතාක් කල් මේ වගේ පසුගාමි, ලෝකෙ හිනස්සන, පූජක පක්ෂයේ හොඳහිත දිනාගන්න කරන, සහ රටේ නූගතුන් ආගමින් මුලාකරන මේ වගේ නිල කටයුතු තවත් සිදුවේවි...!