(අජන්ත කුමාර අගලකඩ)
පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සහ වාහන අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය මුදල් නොමැති බැවින් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් කෝටි 117 ක පමණ මුදලක් වියදම් කිරීමට මහජන ආරක්ෂක ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.
පොලිස් දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලිවල අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 30ක පමණ මුදලක් ද,වාහන අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 87 ක පමණ මුදලක් ද,අත්‍යවශ්‍ය වී ඇතැයි ඇමති ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත
අයවැයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කර ඇති මුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් පොලිස් නිලධාරීන් දිරිගැන්වීම සඳහා ත්‍යාග ලබාදීමට පිහිටුවා ඇති පොලිස් ත්‍යාග අරමුදලෙන් මෙම මුදල වියදම් කිරීමට ඇමැතිවරයා අවසර ඉල්ලා ඇත.
දෙපාර්තමේන්තුවේ විධිවිධාන අනුව මෙම මුදල් වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට පොලිස්පතිවරයාට බලය පවරා නැති බවද ඇමතිවරයා දැනුම් දී ඇත.
කඩිනමින් සිදුවිය යුතු මෙම අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙම මුදල හැකි ඉක්මනින් වියදම් කිරීමට අනුමැතිය දෙන්නැයි ඇමතිවරයා ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ඡන්දෙ නවත්තන්න බැසිල්ගේ කීමට තමුන් ලෑස්තිකළ එමිල් කියන LTTE හිතවාදියාට දෙන්න තමුන්ගේ කාර්යාලයට ගෙනා කෝටි ගණන් සල්ලිවලින් ගාණක් තියාගත්තේ නැද්ද? මෙවැනි කටයුත්තකටවත් යොදවන්න.
පොලීසිය අඬපන වුනොත් ඔක්කෝම හබස්! සමහර වෙලාවකට හිතෙනවා ඒම වුනොත් හොදයි කියලා.
පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර ලොක්කෝ කී දෙනෙක් යටිමඩි ගහනව ඇත්ද. මත්ද්‍රව්‍ය අල්ලනවා.ජාවාරම් කාරයන් බේරනවා. පගාව ගන්නවා.හොර බඩු කොච්චර අල්ලනවා කියලද? පොලිස් දෙපාර්තමේන්තුවත් දූෂිතයෝ ඉන්න තැනක් කියලා රටම දන්නවා .
එළකිරි යෝජනාව ඉක්මණට අනුමත කරගන්න මොකද ටිකක් යහමින් බෙදාගන්න පුළුවන් මොකද රජයේ සේවා අතරින් උත්තරීතර පොලිස් සේවාව ගැන මහජනතාව පුදුමාකාර සතුටකින් ඉන්නේ... ටිරාන් මහතාට වෙනම උත්සවයක් පවත්වනවා කිව්වත් අපි පුදුම වෙන්නේ නැහැ.. මොකද මෙවැනි ඇමැතිවරු බිහිවෙන්නේ කලාතුරකින් අඩුපාඩු සොයාබලා වැඩකරන අයට ස්තුතියි..!