
(ගයාන් සූරියආරච්චි සහ ඉන්දිකා රාමනායක)
රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂිකාවකි.
ඉකුත් 2023 වසරට අදාලව මීගමුව පොලිසියේ රථවාහන නිලධාරීන්ට දෙසැම්බර් මාසයේ ගෙවීමට තිබූ රථවාහන ත්‍යාග මුදල් මෙම නිලධාරිනිය විසින් නොගෙවා ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා එම මුදල් වංචාකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීඇති බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලදී ඇය එම මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ වැඩ ඊයේ(12) සිට තහනම් කිරීමට කටයුතු කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලම හොරු අපිට කොහද පිළිසරණක්
හොයලා බලන්න මේ ගැනු කෙනා රාජපක්ෂ කෙනෙක්ද කියලා...විකමසිංහ කෙනෙක්ද කියපා කට්ටියට ඕක සුලු දෙයක්