(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොල්ලුපිටිය පොලිස් ස්ථානය තුළ නතර කර තිබූ පොලිස් ජීප් රථයකට අද 31 අලුයම් කාලයේ අතින් සහ පයින් පහරදී අනර්ථයක් සිදු කළේ යැයි කියන 36 හැවිරිදි ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
මත්පැන් පානය කර රිය පැදවීමේ වරදට මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ මිතුරකු කොල්ලුපිටිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබී ඇත.
සැකකාර ව්‍යාපාරිකයා තම මිතුරා බැලීමට පොලිස් ස්ථානයට අද අළුයම් කාලයේ පැමිණි අවස්ථාවේ පොලිස් ජිප් රථයට අතින් හා පයින් පහර දීම් සිදුකර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර ව්‍යාපාරිකයා බීමතින් සිටියේ ද යන්න ගැන සොයා බැලීමට ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිසිය කියන කතාව... සම්පූර්ණ කතාවෙන් 50%යි...