
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
පොලිසියේ ඉහළ නිලධාරීන් භාවිතා කරන ජීප් රථයකට සමානව හැඩගන්වන ලද ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ රථවාන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම ජීප් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් සන්තකයේ පොලිස් නිලධාරීන් භාවිතා කරන ආකාරයේ ගමන් කථන දෙකක්ද තිබී අත්අඩංගුවට ගෙන තිබේ.
ටොයොටා ලෑන්ඩ් කෘෘශර් වර්ගයට අයත් එම ජීප් රථය අන්තවාදී දේශපාලන පක්ෂයක නායකයකුට අයත් බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර තද නිල් පැහැයෙන් යුක්තව වර්ණ ගන්වා තිබුනද එහි ලියාපදිංචි වර්ණය කොළ වර්ණය බවට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලය වාර්තා කොට ඇති බව පොලිසිය කියයි.
මෙම ජීප් රථයේ ඉදිරිපස වීදුරුව හැරෙන්නට අනෙකුත් සියලු පැති වීදුරු සියල්ලක්ම එහි ගමන් කරන අය පිටතට නොපෙනෙන ආකාරයට අඳුරු කොට ඇති අතර එම ජීප් රථය නගරයේ ගමන් කරන අවස්ථාවලදී ඉහළ පොලිස් නිලධාරියෙකු ගමන් කරන බවට රැවටී ඇතැම් පොලිස් නිලධාරීන් ආචාර කොට ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් ගමන් කථන දෙක කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා පැවැත්වූ ගමන් කථන දැයි පරීක්ෂා කිරීම සඳහා එහි තරංග පරීක්ෂාවට යොමු කොට ඇති අතර ජීප් රථය එකලස් කරන ලද්දක් දැයි සොයා බැලීම සඳහා විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් ජීප් රියකට සමාන රියක් මහනුවරින් අල්ලයි