
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු නම් එවැනි තැනැත්‍තකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලබනු ඇත.
එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එකී පත්කිරීම බලාත්මක වූ විට තමා දරමින් සිටි ධුරය අත්හැරිය යුතු අතර රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් තවදුරටත් පත් කරනු ලැබීමට නුසුදුස්සකු වනු ඇත.
ඒ අනුව මේ සඳහාවන අයදුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ජූලි මස 01 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය ,ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව , ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි
අරවින්ද මොනරවිල Tuesday, 18 June 2024 12:45 PM
ඕකට මෙච්චර කාලයක් පත් වුනොත් ඉස්සරහට පත් වෙන්නෙත් පවතින ආණ්ඩුවේ හෙංචයියන්, ඒ නිසා ඕක ස්වාධීන ද නැත. ස්වාධීන කොමිෂන් පිහිටුවීමට නව ක්‍රමවේදයක් සකස් කළ යුතු අතර ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සභාව නැමති විහිළුව අහෝසි කළ යුතුමය.