(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)
අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි.
බලහත්කාරයෙන් රැගෙන ගිය පොලිස් සැරයන්වරිය ද මුදා ගෙන ඇති අතර මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අඹන්පොළ පොලිසියට ලැබුණු තොරතුරුක් අනුව මෙම සැකකටයුතු මෝටර් රථය අඹන්පොළ රෝහල අසල දී නතර කරගෙන ඇත.
එම සැකකටයුතු මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙස මෝටර් රථයේ රියැදුරාට උපදෙස් ලබා දී ඇත.
අඹන්පොල පොලිස් ස්ථානය පසුකර මෝටර් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කිරීම නිසා පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් හතක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී රථයට වෙඩි තබා ඇතැයි පොලිසිය කීය.
රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති බවත් රියදුරා හා කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය සැරයන්වරිය මුදාගත් බවත් පොලිසිය කීය.
අඹන්පොළ පොලිසිය සැකකරු හා සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් කතක බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා මුදා ගනී
chandima Monday, 01 August 2022 10:20 PM
අල්ලපු තුන් දෙනාත් පොලිසියේම වෙන්න ඇති...?
Romam Tuesday, 02 August 2022 08:05 AM
අත්අඩංගුවට ගත් අයට උපරිම දඬුවම් දියයුතුයි.. විශේෂයෙන් කාන්තාවන් දෙදෙනාට
sampath Wednesday, 03 August 2022 07:30 PM
පොලිසිය අත්අඩංගුවට ගත්තා නම් මෝටර් රථයත් පොලිසිය භාරයට ගන්න ඕනේ. පොලිස් නිලධාරියෙකුත් ඒකට නග්ගලා යැව්වේ මොන එහෙකටද?