
(යොහාන් භාසුර)
හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකම අද පෙරවරුවේ පැවති අවසන් පුහුණු සැසියෙන් ඉවත් වූ බවත් පොලිස් අශ්වාරෝහක කණ්ඩායම පෙළපාලියේ ඉවත් කිරීමේ සිද්ධියක් මෙයට හේතු වී ඇති බවත් වාර්තාවේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජිව් ගාන්ධිව මතක් වෙලාවත්ද?
නිදහස ..බම්බුව තමයි .දේශපාලුවෙකුට ආරක්ෂකයින් නැතුව පාරට බහින්න නිදහස්ක්වත් නැහැ