(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බී.ජී.චතුරංග)
තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් හොරා ගෙන ලබාදුන් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් එම අවිය සමග විල්පත්තුව වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පළවෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දඩයම් කරන ලද වැලි මුවකුගේ බවට සැලකෙන මස් තොගයක් ද ටී56 ජීව උණ්ඩ විසිහයක් සහ එම මැගසින් එකක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් දඩයම්කරු ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තන්තිරිමලය පොලිසියේ රාජකාරිය කරන නිලධාරියකු විසින් ලබාදුන් බව වනජීවියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. වනජීවී නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගත් ගිනි අවියේ අංකය ද සමඟ මේ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ
උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීපාල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් තන්තිරිමලය පොලිස් ස්ථානයට ගොස් එහි අවිගබඩාව පූර්ණ සෝදිසියකට ලක් කර ඇත
වනජීවී නිලධාරීන් ලබාදුන් ටී 56 ගිනිඅවියේ අංකය සඳහන් ටී 56 අවියක් එම ගබඩාවෙන් අතුරුදහන් වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවිය ජීව උණ්ඩ සහ මැගසිනය සොරාගෙන දඩයම්කරු ට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට මහවිලච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මේ තරම් බරපතල සිද්ධි කෙතරම් ප්‍රමාණයක් මේ වෙනවිට සිද්ධ වුණා ද ? කොළඹ සිදුවූ ෂාප්ටර් මහතාගේ මියයාම ගැන තවමත් ගැටළු පවතී.පොලීසිය දේශපාලන අතකොලුවක් වීම නිසා පොලීසියේ විනය පිරිහී ඇතැයි කිවහොත් එය නිවැරදිය.රටම හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු නොකරන ආරක්ෂක ඇමති ජනපති මැදුරේ පැපොල් කෑල්ල කෑ තරුණයන් ගැන අවධානය යොමු කරනු පෙනේ.පොලිස් අවි ආයුධ පොලීසිය ඇතුලෙන්ම නැතිවී ඒවා අපරාධ සඳහා යොදාගෙන තිබේ නම් එම පොලීසියේ තත්ත්වය කෙබඳු දැයි යන්න සිතා ගැනීමට හෝ අසීරුය.මේවා මෙසේ වෙතත් ආරක්ෂක ඇමති තවමත් සුවසේ නින්දේය.
පොලිස් ස්ථානාධිපතිවරයා මීලඟ උසස් වීමට සුදුසුකම් ලබයි.