(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බී.ජී.චතුරංග)
තන්තිරිමලය පොලිසියේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු එම පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් හොරා ගෙන ලබාදුන් ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් රැගෙන දඩයමේ ගිය පුද්ගලයෙක් එම අවිය සමග විල්පත්තුව වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා පළවෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දඩයම් කරන ලද වැලි මුවකුගේ බවට සැලකෙන මස් තොගයක් ද ටී56 ජීව උණ්ඩ විසිහයක් සහ එම මැගසින් එකක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් දඩයම්කරු ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අවිය තන්තිරිමලය පොලිසියේ රාජකාරිය කරන නිලධාරියකු විසින් ලබාදුන් බව වනජීවියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. වනජීවී නිලධාරීන් ඔවුන්ගේ භාරයට ගත් ගිනි අවියේ අංකය ද සමඟ මේ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ
උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත මහවිලච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහීපාල මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් තන්තිරිමලය පොලිස් ස්ථානයට ගොස් එහි අවිගබඩාව පූර්ණ සෝදිසියකට ලක් කර ඇත
වනජීවී නිලධාරීන් ලබාදුන් ටී 56 ගිනිඅවියේ අංකය සඳහන් ටී 56 අවියක් එම ගබඩාවෙන් අතුරුදහන් වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවිය ජීව උණ්ඩ සහ මැගසිනය සොරාගෙන දඩයම්කරු ට ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට මහවිලච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් අවි ගබඩාවේ අවිය උස්සා දඩයමේ ගිහින්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 January 2023 07:50 AM
රටේ මේ තරම් බරපතල සිද්ධි කෙතරම් ප්‍රමාණයක් මේ වෙනවිට සිද්ධ වුණා ද ? කොළඹ සිදුවූ ෂාප්ටර් මහතාගේ මියයාම ගැන තවමත් ගැටළු පවතී.පොලීසිය දේශපාලන අතකොලුවක් වීම නිසා පොලීසියේ විනය පිරිහී ඇතැයි කිවහොත් එය නිවැරදිය.රටම හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු නොකරන ආරක්ෂක ඇමති ජනපති මැදුරේ පැපොල් කෑල්ල කෑ තරුණයන් ගැන අවධානය යොමු කරනු පෙනේ.පොලිස් අවි ආයුධ පොලීසිය ඇතුලෙන්ම නැතිවී ඒවා අපරාධ සඳහා යොදාගෙන තිබේ නම් එම පොලීසියේ තත්ත්වය කෙබඳු දැයි යන්න සිතා ගැනීමට හෝ අසීරුය.මේවා මෙසේ වෙතත් ආරක්ෂක ඇමති තවමත් සුවසේ නින්දේය.
visnu Tuesday, 03 January 2023 11:38 AM
පොලිස් ස්ථානාධිපතිවරයා මීලඟ උසස් වීමට සුදුසුකම් ලබයි.