IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පොලිස් අධිකාරීගේ නිවස හොරු කඩලා

(සුමිත් පොතුපිටිය)

වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වාද්දුව,  මොල්ලිගොඩ පිරිවෙන  පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තාප්පයෙන් පැන ඉදිරිපස ජනේලයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු නිවසෙහි අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් මුදුවක් සහ රුපියල් 33000 ක පමණ මුදලක් සොරකම් කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

සොරකම සිදුවන අවස්ථාවේ පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ, දියණිය සහ ඇයගේ දරුවා නිවසේ රැඳී සිට ඇතැයිද සදහන් වේ.

අදාල පොලිස් අධිකාරීවරයා පසුගිය කාලසීමාවේ පානදුර කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙසින්   රාජකාරි කල අතර , දැනට මාතර ප්‍රදේශයේ පොලිස් අධිකාරි තනතුරක්  දරන බව සදහන් වේ.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ සිදුකරති.



අදහස් (2)

පොලිස් අධිකාරීගේ නිවස හොරු කඩලා

අබිලින් Tuesday, 27 September 2022 03:57 PM

පැමිණිල්ල ලියනවිට කවුද සැක කරන්නෙ කියලා ඇහුවෙ නැතෙයි

:       0       0

Sarath Rambukwella Wednesday, 28 September 2022 07:37 PM

යකඩ පෙට්ටියටත් ගුල්ලෝ ගැහුවලු ඉතින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site