IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පලාවිය ලුණු සමාගමේ සිර කර සිටි පිරිස පොලිස් මැදිහත්වීමෙන් එළියට

(  එච්.චන්දන )

පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවයින්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයින් විසින් සිර කරගෙන සිටි ගණකාධිකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) දෙනෙකු අද ( 26 ) අලුයම මුදා ගත්බව පුත්තලම පොලීසිය  කියයි.

පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවකයින් දින කීපයක සිට තම වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඉකුත් 30 සිට මෙම වැඩ වර්ජනයේ නිරතව සිටින සේවකයින්,පාලක මණ්ඩලය හා සාකච්ඡාවක් පුත්තලම කම්කරු කාර්යාලයේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා පවත්වා ඇත.

වැටුප් වැඩි කිරීමේ කොටසකට රු 5000.00 මුදලක් ලබා දී ඇති බවට වාර්තා වන අතර මෙහි ස්ථීර සේවකයින් 220 පමණ සේවය කරන අතර වාරි සේවකයින් දිනකට 200 ක් පමණ සේවය කරන බව ද වාර්තාවේ.

27 වැනිදා වන විට පවතින ගැටළුවට විසදුමක් ලබා දීමට ලුණු සමාගමේ පාලක මණ්ඩලය එම සාකච්ඡාවේදී එකගතාවය පල කර  ඇතත් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ආයතනය වසා දැමීමට සිදු වන බව ලුණූ සමාගමේ ඝනකාධිකාරීවරයා 25 වැනිදා සවස එහි සේවකයින් සමග පැවසීමත් සමග මෙම ගැටළුව උග්‍ර විය.

එම ප්‍රකාශයත් සමග කලබලයට පත්ව ඇති සේවකයින් ලුණූ සමාගමේ ප්‍රධාන දොරටුව වසා දමා ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) දෙනෙකුට පිටතට යාමට නොහැකි වන සේ ආයතනය තුළ සිර කර ගෙන සේවකයින් කණ්ඩායම් ලෙස සකස් වී ප්‍රධාන ගේට්ටුව මුර කිරීමට කටයුතු කර ඇතැයි පොලීසය කියයි.

මේ පිළිබදව පුත්තලම පොලීසයට ලුණු සමාගමේ පාලන අධිකාරී මගින් කරන ලද පැමිණිල්ලකට අනුව අද (26 ) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් ලුණූ සමාගමේ පිටුපස කොටසින් ඇතුළු වී සිර කරගෙන සිටි ගණකාධීකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) මුදා ගෙන පුත්තලම පොලීසියට කැදවාගෙන ගොස්  ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කරවා යවා තිබේ.

 



අදහස් (2)

පලාවිය ලුණු සමාගමේ සිර කර සිටි පිරිස පොලිස් මැදිහත්වීමෙන් එළියට

Chamila Sunday, 26 June 2022 11:04 AM

ඔතැන වෙන්නේ හොඳටම ලාබ ලබන පුත්තලම ලුණු සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට ලෝකෙට පෙන්වීමයි. 1994 චන්ද්‍රිකා ආණ්ඩුවෙන් රයිගම් ආයතනයට අවුරුදු 25ට බදු දුන්නු මේ ආයතනයේ බදු කාලය 2024 අවසන් වීමට නියමිතයි. රයිගම් ආයතනය දැන් කරන්න හදන්නේ පුත්තලම ලුණු සංස්ථාව පාඩු ලබන ආයතයක් කියලා පෙන්නලා තවත් අවුරුදු 25කට රජයෙන් කුණු කොල්ලෙට බදු ගැනීමටයි. රයිගම් සල්ලිවලට යටවුණු පාලන අධිකාරියත් රයිගම් ආයතනයේ රූකඩ වෙලා. රයිගම් ආයතනය දියුණු වුනේ පුත්තලම ලුණු සමාගම හින්දා කියලා හැමෝම දන්නවා. ලුණු කිලෝවක් රුපියල් 3ට අරන් 50ට රයිගම් එක විකුණලා ලොකු ලාභයක් හොයනවා. ලංකාවේ වැඩියෙන්ම ලාභ ලබපු පුත්තලම ලුණු සංස්ථාව ඉක්මණින්ම රජයට පවරාගත යුතුයි.

:       0       2

Chathu Sunday, 26 June 2022 11:26 AM

වෘත්තීය සමිති කරොත් කරන්නේ අපරාධයක් තමයි. ලංකාවේ මිනිස්සු කිකිළි මරාගෙන කනවා හැමදාම. සිංගප්පූරුවේ උද්ඝෝෂණ තහනම්... හැමෝම එහෙ කර්මාන්ත ශාලා දානවා. මිනිස්සු හොඳින් ඉන්නවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 234 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 234 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site