IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පැල්වත්ත සමාගම සුපවේදීන් සමග වැඩසටහනක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමයක් වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගිය දා සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේ දී පවත්වන ලදී. විවිධ සූපවේ දී ක්‍රියාකාරකම් හා වැඩසටහන් හරහා සූපවේදින්ගේ වෘත්තිමය කුසලතා වර්ධනයට අදාල විවිධ වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වූ අතර මෙමඟින් මෙරට සූපවේදින්ට සිය දක්ෂතා ඔපමට්ටම් කර ගැනීමට මහඟු‍ අවස්ථාවක් උදාවීය.

පැල්වත්ත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම පැල්වත්ත සමාගමේ මුලික අරමුණයි. රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරන දේශීය සන්නාමයක් ලෙස රටට විනිමය රැගෙන එන සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් අපි අත්වැල් බැඳගත්තා. මෙරට වෙළෙඳපොළට විවිධ නව්‍යත්වයෙන් හා රසයෙන් යුත් පැල්වත්ත නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් අපගේ සූපවේදීන් සමඟ කටයුතු කර විදේශීය විනිමය ඉතිරි කරගැනීමට කටයුතු කරන බව අභිමානයෙන් දන්වා සිටිමු. 

ඒ වගේම පැල්වත්ත කිරි නිෂ්පාදන මෙන් කිරි ආශ්‍රීත නිෂ්පාදන පවා පාරිභෝගිකයන්ගේ දෛනික ජීවන රටාවේ අතවශ්‍ය තෝරා ගැනීමක් බවට පත් කිරීමට හැකිවී තිබෙනවා. පැල්වත්ත කිරි සමාගම විසින් මීගමුවේ පවත්වන ලද සූපවේ දී උත්සවයට සූපවේදීන් 100 ක් සහභාගී වුණා. එමඟින් ඔවුන්ගේ වෘත්තීය සහ කුසලතා වර්ධනය කිරීම, පැල්වත්ත කිරි නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම සහ ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන වැඩසටහනක් බවට පත්වීම මෙන්ම වටිනා ඉපැයීම් සඳහා උපකාරී වීය.  

595



අදහස් (0)

පැල්වත්ත සමාගම සුපවේදීන් සමග වැඩසටහනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site