
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
පානදුර මෝදරවිල ක්‍රීඩාංගනයේ ලාෆ් ගෑස් බෙදාහරිමින් සිටියදී පොලිසියේ කැබ් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ගෑස් සිලින්ඩර තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස සිය විරෝධය දැක්වීම නිසා හිස් ඇතින් ඔවුහු ආපසු ගියහ.
මාස තුනකට පසු පානදුර ප්‍රදේශයට ලාෆ් ගෑස් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව දහසකට ආසන්න ජනතාවක් සිය හිස් ගෑස් සිලින්ඩරය ද රැගෙන අලුයම සිට ගිනි අව්වේ පෝලිම් ගැසී සිටියහ.
ගෑස් සිලින්ඩර් බෙදීම ආරම්භ කිරීමත් සමගම කැබ් රථය එම ස්ථානයට පැමිණ ඔවුන් රැගෙන ආ හිස් සිලින්ඩර කැබ් රථයෙන් බිමට බෑමට සූදානම් වීමේදී එම ස්ථානයට කඩා වැදුණු සියයකට ආසන්න පිරිසක් එහි සිටි පොලිස් නිලධාරියාට සිය විරෝධය දැක්වූහ
අනතුරුව එම කැබ් රථය එම ස්ථානයෙන් ඉවත්ව යාමේදී එහි සිටි පිරිස හූ හඩින් ද සිය විරෝධය දැක්වූහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මෙච්චර කල් ඉන්න පුළුවන් ගෑස් නැතිව... ආපු ගමන් අත්‍යාවශ්‍ය ගාගෙන එනවා පව් දෙන්න...
ඔය විදියට මහජනතාවට අසාධාරණයක් වෙන සියලුම අවස්ථාවකදීම හොඳ හූවකින් සංග්‍රහ කලා නම්...!
හැම එකාම තමන් අනිකාට වඩා උසස් යයි සලකා කටයුතු කිරීම තමා මේ රටට ගහල තියෙනේ ලොකුම හෙනය.
ඉතාමත්ම පැහැදිලියි, ශ්‍රී ලංකාවේ පොලිසියත්, යුද හමුදාවත් අහිංසක මහජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බව. වෙන රටක නම් මහජනතාවට මෙතරම් දරුණු විදිහට අසාධාරණකම් වෙනවිට හමුදාවේ, පොලිසියේ ප්‍රතිචාරය මීට වඩා හුඟක් වෙනස්. අපට කොයින්ද මහජනතාව ගැන හිතන හමුදාවක්, පොලිසියක්. ඒ හැම දෙනාම ඉන්නේ උසස්වීම් බලාපොරොත්තුවෙන්....
නියම පොලිසිය, නිතිය ආරක්ෂා කරන්න ඉන්න අය. මෙහෙම කරන කොට සාමාන්‍ය මිනිස්සු මොනවා නොකරයිද? දැන් මේක නිකන් ඌරුවලක් වගේ... දන්නෙවත් නැහැ. මොනවද වෙන්නේ කියලා...!