
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මල්වත්ත, ගොඩකවෙලෙ ප්‍රදේශයේ පදිංචිව සිටි ගොඩකවෙල මුල්‍ය ආයතනයක සේවය කරමි සිටි නදික නුවන් තිලකරත්න නැමති විවාහක 27 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු විවාහ වි වසක පමණ කාලයක් ගතවි ඇති අතර බිරිය මාස හතරක ගැබිනියකි.
ඊයේ (12) දා රාත්‍රියේ වෙලෙද සලකට පැමිණ ආපසු නිවස බලා යමින් සිට ඇති අතර එම අවස්ථාවලදී එම දොළේ අධික ජල පහරක්ද ගලා ගෙන ගොස් ඇති අතර එම අනාරක්ෂිත පාලම පහළට ඇඳ වැටි ජල පහරට හසු විම හේතුවෙන් මරණය සිදු වි ඇති බව පොලීසිය විශ්වාස කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලයේ සියල්ලක්ම රජයෙන්ම කරනතුරු බලාගෙන සිටීමේ විපාකයක් තමයි අතීතයේදී ජනතාව තමන්ගේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු ශ්‍රමදාන මගින් හදාගත්ත.මේ තරුණයා වුනත් ඒ ගම්වාසීන් වුනත් පරාර්ථකාමී නැති තනිකරම ආත්මාර්ථකාමියෝ පිරිසක් කියලා හිතෙනවා