IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැල්මඩුල්ල සභාපති තේරීම දෙවන වතාවට කල් දමයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඩබ්ලිව් ජේ.මුණසිංහ)

පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවට නව සභාපතිවරයකු තෝරාපත්කර ගැනීම අද දෙවන දියනයට කල් දැමීමට සබරගමුව පළාත් පාලන කොමසාරිස්වරයාට සිදු විය.

සභාපති ධූරයේ නිළවරණය දෙවන වතාවට අද  පවත්වනු ලැබු අවස්ථාවේදි යළිත් උණුසුම් මුහුනුවරක් ගත් අතර විපක්ෂය සභාවෙන් පිටව ගිය අතර එම නිසා සභාපති තෝරා ගැනිමට නොහැකි විය.

සභාපති ධූරය සඳහා රහස් ජන්දයක් ද විවෘත ජන්දයක්ද පවත්වන්නේ යැයි විමසිමට සභාවේ මතය විමසද්දි සමගි ජන බලවේගය ඇතුළු ව්පක්ෂය විරෝධතාවය පළ කළහ.

ඒ අවස්ථාවේදි විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රිවරු 19 දෙනෙක් නැගි සිට තමන් රහස් ජන්දයක විරුද්ධ බව අත් ඔසවා පැවසුහ.

සබරගමු පළාත් පාලන ලේකම්වරයා නීතී රීති පහදා දිමෙන් අනතුරුව සභාපති ධූරය සඳහා ජන්දය විමසිමේ ක්‍රමවේදය කුමක්දැයි විමසිමට රහස් ජන්දයක් පවත්වනු ලැබිය.

එහිදි ජාතික ජන බලවේගය යෝජනා කළ රහස් ජන්දයට පක්ෂව ඡන්ද 20 ක්ද සමහි ජන බලවේගය ඇතුඵ විපක්ෂය ගෙනා විවෘත ඡන්ද යෝජනාවට පක්ෂව ඡන්ද 15 ක්ද ලැබුණි. ඡන්ද දෙකක් ප්‍රතික්ශේප විය.

(ඡායාරූප: ලසන්ත නිර‌ෝෂණ)



අදහස් (2)

පැල්මඩුල්ල සභාපති තේරීම දෙවන වතාවට කල් දමයි

P.d goonawardena Tuesday, 08 July 2025 08:14 AM

නියම හරක් එවලා තියෙන්නේ...

:       0       0

Bunny Preena Tuesday, 08 July 2025 10:23 AM

මෙවැනි දේවල් වැලැක්වීම සඳහා කළ යුතු හොඳම දෙය තමයි — චන්ද විමසීමෙන් පසු සභාවක් පත්කර ගැනීමට නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමයි. එම කාලය තුළ පළාත් සභාවක් පත්කර ගැනීමට පත්වුණු නියෝජිතයින් අසමත් උවහොත්, සියලු දෙනාගේම පත්වීම අවලංගු කර, සභාවේ පාලනය කොමසාරිස්වරයෙකු යටතට පත් කර ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය කළ යුතුයි. එවිට එකෙක්වත් ගහමාරා ගන්නේ නැතුව, මන්ත්‍රී පත්තම බේරගැනීමට එකතු වී වැඩ කරයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site