IMG-LOGO

පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට

(ලසන්ත නිරෝෂණ පෙරේරා )                                          

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයින් 37දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව හමුදා කඳවුරට  රැගෙන ගියහ.                                                                                 

පැල්මඩුල්ල නාරංගොඩ පිහිටි මෙම නිලධාරීයාගේ නිවෙසේ සාමාජිකයින් ද එම ප්‍රදේශයේ තවත් නිවාස හතරක සාමාජිකයින් ද පැල්මඩුල්ල ඉදිකැටිය, බත්දංගොඩ, කාමරංගපිටිය සහ කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේ  පිරිසක් ද  දියතලාව හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.                                                                                                                        කන්දකාඩු නිලධාරියාගේ බිරිඳගේ නිවෙස පිහිටි කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු ද  පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 25 දෙනෙක් ද  සමග මෙම 37 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙති. කුඩා ළමුන් 8දෙනෙක් ද  ඒ අතර සිටිති.   

පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ජි .එල්.අනුර සහ කේ. පතිරණ මහත්වරු  මෙම පිරිස දියතලාව හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ඨානය වෙත රැගෙන යෑමේ කටයුතු අධීක්ෂණය කළහ.                                              

කන්දකාඩු සිට නිවාඩුවට පැල්මඩුල්ල නාරංගොඩ ප්‍රදේශයේ නිවෙසට පැමිණි මෙම නිලධාරියා සමීපව ඇසුරු කළ මෙම කණ්ඩායම දියතලාවේදි  පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. එහි ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීහු පවසති.                      

මෙම නිලධාරීයා එහි ගොස් භාණ්ඩ මිලදී ගත් බව තහවුරු වීමත් සමඟ පැල්මඩුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක්ද තාවකාලිකව වසා දමා ඇත.       



අදහස් (0)

පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 495 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 319 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 488 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site