(ජේ .ඒ. එල්. ජයසිංහ)
මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයෙන් හදවත් සැත්කම් කර ගැනීමට නොහැකිව රෝගීන් 100 ක පමණ පිරිසක් දැඩි ලෙස අසරණවී සිටින බවත් ඇතැම් රෝගීන් තම සැත්කම් කර ගැනීමට මාස ගණන් බලාගෙන සිට බැරිම තැන රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රෝගීන්ගේ පවසති.
හදවත් සැත්කම් අපේක්ෂාවෙන් මහනුවර ජාතික රෝහලේ හදවත් රෝගී වාට්ටුවල ( 71 ,72) ප්‍රතිකාර ලබමින් සිට සැත්කම් ප්‍රමාදවීම නිසා රෝහලෙන් ටිකට් කපා ගෙන පිටව ගිය හෘද රෝගීහු කිහිප දෙනෙක් තම දුෂ්කරතා ඇඬූ කඳුළෙන් පැවැසූහ.
බයිපාස් හදවත් සැත්කම් කර ගැනීම සඳහා දින ලබාදෙන තෙක් බයිපාස් හෘද සැත්කම් කරගැනීම සඳහා පොරොත්තු ලේඛනයේ සිටින බවත් චැනල් කර වාට්ටුවට ඇතුළත් වන හෘද රෝගීන්ට පමණක් විශේෂ සැලකිලි ලැබෙන බවත් ඔවුහු පැවැසූහ.
මහනුවර හෘද රෝග වාට්ටු අංක 71 ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු පැවැසුවේ තමන් බයිපාස් සැත්කම කර ගැනීමේ අපේක්ෂාවෙන් මාස තුනක් පමණ රෝහලේ නැවතී සිට සැත්කම පමා වීම නිසා කැමැත්තෙන්ම ටිකට් කපාගෙන නිවෙසට පැමිණි බවයි.
හෘද රෝගීන් මහනුවර ජාතික රෝහලේ මාස තුන හතර කාලයක සිට බයිපාස් හදවත් සැත්කම් කර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයේ සිටින බව කියති.
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිම් දිගයි:මහනුවර හදවත් රෝගීන් ගෙවල්වල
ajith Sunday, 02 June 2024 11:30 PM
මහජන බදු මුදලින් නඩත්තුවන රෝහලක "චැනල් කර වාට්ටුවට ඇතුළත් වන හෘද රෝගීන්ට පමණක් විශේෂ සැලකිලි" ලැබෙන්නේ කෙසේද?
nanda Monday, 03 June 2024 04:18 AM
රට ගොඩ දැම්මා කියමින් කයිවාරු ගහමින් චන්ද ඉල්ලන්න හදනවා මිසක් මේවට විසඳුම් හොයන්නේ නැහැ අහිංසක ලෙඩ්ඩු නේද මේ දුක් විඳින්නේ
සෞදි-සිංහ Monday, 03 June 2024 11:34 AM
මේක පාලකයන්ගේ ප්‍රශ්නයක් මිසක් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙවි.