(සුජිත් හේවාජුලිගේ )

පාරේ  පෝලිම් වල ඉන්න මිනිස්සු දැක්කම හිතට පුදුම වේදනාවක් දැනෙන බව  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙහෙම ඉන්න   මිනිස්සුන්ගෙ මූණු  බලන්නේ කොහොමදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

" මොකද මේ රටට වුණේ. මේ වගේ දෙයක් වේවි කියලා අපි කවුරුත් හිතුවද" යැයිද  මන්ත්‍රීවරයා කීවේය.

වෛද්‍ය උපාධිය හදාරන තරුණ තරුණියන්  අවසාන විභාගය හදාරන විට එංගලන්තයේ රස්සාවකට පාර විවෘත වන විභාගයටද එකවර පෙනී සිටින බවත් ඔවුන්ගේ අරමුණ විභාගය අවසන් වූ ගමන්ම විදේශ ගතවීම  බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.