පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ අද උදෑසන රික්ටර් මාපකයේ 6.4 සහ 6.7 විශාලත්වයෙන් යුත් භූමි කම්පා දෙකක් හට ගෙන ඇත.
පිලිපීනයේ භූමි කම්පාව ලූසෝන් දූපත් අසල ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 2.35 ට සහ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි බටහිර වෙරළේ කිලෝ මීටර 40 ක් ගැඹුරින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 2.39 ට මෙම භූමි කම්පා දෙක හට ගත්හ.
මෙම භූ කම්පන දෙකෙන් ශ්‍රී ලංකාවට (ඉන්දියානු සාගරයට)සුනාමි අනතුරක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
සුමාත්‍රා දුපත් අසල සිදුවූ භූමිකම්පාව ජනතාවට සැලකිය යුතු මට්ටමකින් දැනී ඇති අතර ඒ හේතුවෙන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගිය බව ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය (BNPB) නිකුත් කළ මූලික වාර්තාවක සඳහන් වේ.
ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සියට අනුව එම කම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන මාලාවක් ඇති වී ඇති අතර දකුණු නියාස් දූපතට මෙම කම්පනය තදින් දැනී ඇත
මෙම භූමිකම්පාව ඉන්දීය සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් ප්‍රකාශ කළ නමුත් ඒ්ත් සමඟම මධ්‍යස්ථානය නැවත ප්‍රකාශයක් නිකුත් කර ඉන්දීය සාගරයට අනතුරක් නැතැයි පවසා සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කළේය.
දැනට කිසිදු ජීවිත හානියක් දේපල හානියක් සිදුව නැතත් දිගටම මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන බව සෙවීම් සහ මුදාගැනීමේ කාර්යාල ප්‍රධානියා පැවසීය. සුනාමි තර්ජනය පහව ගිය පසු "ජනතාව සන්සුන් වූ" බව ඔහු වැඩිදුරටත් කීය.
ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සියේ (BMKG) ප්‍රධානියා ද පැවසුවේ ඇති වූ භූමිකම්පාව සුනාමියක් ඇති කිරීමේ හැකියාවක් නොමැති බවයි.
භූමිකම්පාව පඩැන්ග් නගරයට මෙන්ම නියාස් සෙලටන් සහ ගුනුන්ග් සිටෝලි හට දැඩි ලෙස දැනුණු බව භූ භෞතික විද්‍යා ඒජන්සියේ ප්‍රධානී ද්විකොරීටා කර්ණවාටි පැවසීය.
පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් දෙකම පැසිෆික් සාගරයේ "ගිනි වළල්ලේ" පිහිටීම හේතුවෙන් නිතර භූමිකම්පා අත්විඳිති.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd