(යොහාන් භාසුර)

හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වළකකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොල්පිටිය සහ අවට ප්‍රදේශයේ මේ දිනවල සරුංගල් යැවීම නිසා විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන බවත් විදුලි රැහැන් එළීමේ කටයුතුවලට එය බාධාවක් බවට පත්ව ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් සරුංගල් යැවීමෙන් වලකකින ලෙස ඉල්ලා සිටින විදුලිබල මණ්ඩලය පවසන්නේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු සතියකින් පමණ අවසන් වනු ඇති බවත්ය.