
(කාංචන කුමාර ආරියදාස)
අත්‍යාවශ්‍ය භාණ්ඩමිල ගණන් පැයෙන් පැය දිනෙන් දින ඉහළ දැමීමේ සැලසුමක් රට පුරා ක්‍රියාත්මක වන බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල වෙළඳපොළ සීග්‍රලෙස ඉහළගොස් ඇත.
සම්බා සහල් කිලෝවක් 220 ත් 230 ත් අතර මිලකට අලවි වෙද්දී නාඩු සහල් කිලෝව රුපියල් 190 ත් 200 ත් අතර මිලයකට අලෙවි වෙයි. කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි .විදේශ රටවලින් ගෙන්වා අලෙවි කරන සහල් කිලෝවක් වෙළඳපොලේ රුපියල් 185 දක්වා ඉහළ ගොස් ඇත.
සුදු සීනි කිලෝවක් රුපියල් 225කට අලෙවි වෙද්දි දුඹුරු පැහැති සීනි කිලෝවක් රුපියල් 235 කට අලෙවි වෙයි. පරිප්පු කිලෝවක් රුපියල් 465 ත් 470 අතර මිලකට අලෙවි වෙද්දි රුපියල් 35 කට අලෙවි වූ දියලුණු කිලෝව මේ වන විට රුපියල් 60 ක දක්වා ඉහළ ගොස් ඇත.
වෙළෙඳ පොළේ වැඩි වශයෙන් ඉල්ලුමක් ඇති මිරිස් කරල් රුපියල් 1500 කි. මිරිස් කුඩු කිලෝ එකක් රුපියල් 1600 ත් 1700ත් අතර ඉහල මිලකට ලෙවි වෙද්දී ඒවා ප්‍රමිතියකින් තොර බව ජනතාව වෙළඳපොලේ දී පෙන්වා දෙති.
එමෙන්ම සරක්කු කිලෝවක් රුපියල් 690 ත් 750 ත් මිලක් පවතී , කහ කුඩු කිලෝවක් 4000 සිට 6000 ක මිලයකි , පොල් තෙල් කිලෝ එකක මිල රුපියල් 950 කි .
තිරිගු පිටි කිලෝවක් රුපියල් 175 කට අලෙවි වෙද්දි සැමන් ටින් එකක් රුපියල් 390 ත් 410 ත් අතර ඉහළ මිල යකට අලවි වන බවද පාරිභෝගිකයෝ කියා සිටිති
අලුත් අවුරුදු සමයේ වැඩි වශයෙන් අලෙවි වෙන මුං ඇට කිලෝවක් රුපියල් 890 ත් 900 ත් අතර මිලකට අලෙවි වෙද්දී හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 1200 කි. සුදුරු කිලෝවක් 1700 කට අලෙවි වන අතර මහදුරු කිලෝව 1380 කි . ඉතා අඩු මුදලකට පැවති සුදු ලූනු කිලෝව රුපියල් 610 දක්වා ඉහළ ගොස් තිබිණි
විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක් රුපියල් 210 ක මිලකට අලෙවි වෙද්දි අර්තාපල් අල කිලෝ එක රුපියල් 170 ත් 190 ත් අතර මිලයකට අලෙවි වීම විශේෂත්වයකි.
අනෙක් සෑම භාණ්ඩයක්ම එනම් සුවඳ විලවුන් සබන් වර්ග සහ නූඩ්ල්ස් වර්ග පපඩම් කඩල කව්පි රෙදි සෝදන කුඩු වර්ග ආදී සියල්ල සියයට අසූ වකටත් වඩා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට සිදුව ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් ජනතාවට මේ ඉහළයන බඩුමිල දරන්න ඉතාමත් අසීරුයි. පාලකයින්ට හැමදේම ලැබුණාට එදිනෙදා ජීවත්වීමේ සටනක යෙදෙන ජනතාවට තියෙන කරදර මදිවට ගෑස්, කිරිපිටි, තෙල් මිලදී ගැනීමටත් දවස් ගණන් පෝලිම්වල ලගින්න වෙලා. ජීවන වියදම අහස උසට. ජීවත්වීම මහ කරුමයක්වෙලා. ඉතිහාසයේ කිසිදිනක නැති විදියට ජනතාව කරදර ගොඩකට මැදිවෙලා...