
(නිමල් ජයරත්න)
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය, යන ආසන තුනේ ඡන්ද මධ්‍යස්ථාන 292 ක් පිහිටා තිබූ අතර එම ඡන්ද මධ්‍යස්ථානවල සිට සියලුම ඡන්ද පෙට්ටි මේ වනවිට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ගණන් කිරීම මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් පවතින බව සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීය.
දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සවස 4.15 ට ආරම්භ කළ බවද හෙතෙම සඳහන් කළේය.
එහි ප්‍රතිඵලය රාත්‍රී 8 වනවිට පමණ ලබාදීමට හැකියාව තිබෙන බවත්, සාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වීමට පෙර ලබාදීමට හැකියාව තිබෙන බවද සුජන්ත ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලීය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ චන්ද ගණන් කිරීමේ ශාලා හතළිස් අටක් පිහිටා තිබෙන අතර, ඉන් තැපැල් ඡන්ද ගණන් කිරීමට ශාලා 15 ක් ද, සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමට ශාලා 33 ක් යොදා තිබෙන බව ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුව සියයට 78යි