
(යොහාන් භාසුර සහ නිමල් ජයරත්න)
පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රියස්ථානවලට යාබද භාවිතයට නොගෙන අතහැර දමා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල ඇති තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර යළි ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.
ඉන්ධන ලීටර ලක්‍ෂය බැගින් ගබඩා කළ හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3 ක් පොළොන්නරුව දුම්රිය ස්ථානයට ආසන්නයේ ද, ඉන්ධන ලීටර 54,000 බැගින් ගබඩා කළ හැකි ටැංකි 5 ක් වැලිකන්ද දුම්රිය ස්ථානයට ආසන්නයේ ද, ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් එම තෙල් ටැංකි ප්‍රයෝජනයට නොගැනීම නිසා වල්බිහි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.
දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දැරීමට සිදුවන්නේ අවම පිරිවැයක් බව පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ එළඹෙන සතිය තුළ මෙම ටැංකි පද්ධතිය නවීකරණය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන බවත්ය.
එම ටැංකිවල තත්වය පරීක්ෂා කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ සහය ලබාගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන අසළ ඇති තෙල් ටැංකි නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා එසේ පැවසීය.
වසර 33ක් තිස්සේ දිරායන ඉන්ධන ටැංකි ගැන ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාවෙන් පසු අමැතිවරුන් සහ අදාල බලධාරීන් මෙම ඉන්ධන ටැංකි නිරීක්ෂණ කළේය.
මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ දුම්රිය සාමාන්‍යයාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුව - වැලිකන්ද කැලේට ගිය ඉන්ධන ටැංකි ඇමැති නිරීක්ෂණය කරයි
මංගල Friday, 12 August 2022 05:24 PM
එහෙම කරන්නේ කොහොමද එතකොට දේශපාලුවන්ගේ නෑයෝ සහ හෙන්චයියන්ගේ බවුසර් වලට වැඩ නැතිවෙනවා, ගතමනාව නැතිවෙනවා එකී මෙකී නොකී සියලුම ජරා පාරවල් නැතිවෙනවා. මේක නම් කරන්න දෙන්න එපා. එක්කො මේක අලුත්වැඩියා කරන්න ගානක් පාස් කරගෙන ඒක එහාට මෙහාට පිල්ලි ගහලා ඉවර උනාට පස්සෙ කියමු මේක සාර්ථක නැහැ කියලා.
warnasinghe Friday, 12 August 2022 07:47 PM
අපරාදෙ. මෙචිචර කල හිටපු ඇමතිවරු දැනගෙන ඉදල තියෙන්නෙ ගෙදර ඉදල පාර්ලිමෙින්තුවට යන්නයි ආපසු ගෙදර එන්නයි විතරයි වගේ.
ඉන්දික Friday, 12 August 2022 08:39 PM
ඔය දේවල් වලට බොරුවට වියදම් කරල ගසාකන මාර්ග සොයන්නේ නැතිව තෙල් ටික ගෙනල්ල තියෙන ටැංකි ටික පුරවන්න ක්‍රමයක් හොයපල්ලා. දැන් තියෙන්නේ ටැංකි නැති ප්‍රශ්නයක් නෙවෙයි තෙල් නැති ප්‍රශ්නයක්.
disanayaka Friday, 12 August 2022 10:40 PM
කොටියා කන්න ඕන. ලොකු පඩි ගන්න රජයේ ආයතනවල ඉහල නිලධාරීන් තමයි රට කන්නේ.
sena Saturday, 13 August 2022 01:55 PM
බොරු සෝබන වලට ඇමැතිවරු රටේ සල්ලි නාස්ති කරනවා. දැන් රටේම තියෙන ටැංකි පුරවන්න අවශ්‍ය තරම් තෙල් එනවා ඇති...