(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පෝලන්ත ජාතික ඇල්බ්‍රේට් මිරෝස්ලා නමැති 61 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා දියනාමින් සිටි අවස්ථාවේ ඒ අවට අසූවකට ආසන්න පිරිසක් සමග දියනාමින් සිට ඇති බවත් , දියේගිලී ඇති පෝලන්ත ජාතිකයා ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් ගොඩගෙන රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් පොලිසිය කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd