IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්

රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දුන්නේය.

මිසයිල ප්‍රහාරය සමග රුසියානු - යුක්රේන යුද්ධය නේටෝ සංවිධානයේ රටවලටද පැතිර යාමේ බියක් හට ගෙන ඇතැයි පෝලන්ත මාධ්‍ය  සඳහන් කළේය.

යුක්රේනයට මාසයක කාලයකදී එල්ල කළ දරුණුතම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ මෙම මිසයිලය පෝලන්තයේ ගම්මානයකට එල්ල වූ බවට  යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි රුසියාවට චෝදනා කරන බව පෝලන්ත මාධ්‍ය පැවසුවේය.

යුක්රේනය සාම සාකච්ඡා වලට පැමිණීමට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගත නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රුසියාව මිසයිල 85 යුක්රේනයට එල්ල කළේය.

කෙසේ නමුත් රුසියාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර තමන් පෝලන්තයට මිසයිල එල්ල නොකළ බව පැවසුවේය.

පෝලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර මිසයිලය එල්ල වීමත් සමග තම හමුදා සුදානමින් තබන බවත් නේටෝ සංවිධානයේ හතර වෙනි වගන්තිය ක්‍රියාත්මක කරමින් නේටෝ සංවිධානයේ රැස්වීමක් කැඳවීමට බලාපොරොත්තු වන බවත් පෝලන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.

පෝලන්ත මාධ්‍ය සිද්ධිය සම්බන්ධයෙන් ඡායාරූප නිකුත් කළත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

034



අදහස් (0)

පෝලන්තයට මිසයිල ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site