
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් තේ සහ කිරිතේ මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඒ අනුව රුපියල් 50 ක්ව තිබූ තේ එකක් රුපියල් 30 ක් දක්වා ද, රුපියල් 120 ක්ව පැවැති කිරි තේ එකක් රුපියල් 100 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (6) පැවසීය.
තේ සහ කිරිතේවලට පාලන මිලක් පනවන ලෙස ඉල්ලා සිටීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වන බවත් එසේ පාලන මිලක් පැනවුවහොත් ජනතාවට ඕනෑම හෝටලයකින් බියකින් සැකයකින් තොරව තේ එකක් බීමේ හැකියාව ඇති බවත් අසේල සම්පත් මහතා කීය.
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල අඩු කිරීම වඩාත් හොඳ ප්‍රවණතාවක් බව කී අසේල සම්පත් මහතා සඳහන් කළේ එම අඩු කිරීමේ වාසිය ලබාගෙන හෝටල් හිමියන් නැතවත් පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහන්නේ, ලංකාවේ දේශප්‍රේමියෝ, රණවරාමල් හෝ බෙලිමල් පානය නොබී සුද්දෝ හිටවපු තේ බොන්නේ ඇයි කියලයි. එක අතකට මේ රටේ පව්කාරයින්ට කසල තේ එකක් වත් අඩු මුදලකට බොන්න නැහැ. ලංකාවෙ වැව්වත් හොඳම තේ බොන්න සුද්දන්ට තවමත් පින තියනවා.