
(තරංග ගුණරත්න)
වැලිගම පැලෑන මහ ගෙදරවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරුවලින් ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් ගම්වාසීන්ගේ පෞද්ගලික ධනයෙන් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමේ ගම්වාසීහු කටයුතු කළහ.
දුම්රිය හරස් මාර්ගය හරහා ගමනා ගමනයේදී සිදුවන අනතුරු නිසා වටිනා ජීවිත අහිමිවීම් මෙන්ම බරපතළ තුවාල සිදුවීම් ගණනාවක් වාර්තා වීය. මේ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනී ම නිසා මෙම පියවර ගෙන ඇත.
පැලෑන මහගෙදර වත්ත දුම්රිය හරස් මාර්ගය හරහා දෙස් විදෙස් විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමෙි අරමුණින් දුම්රිය ගේට්ටු මුරකරුවකු යෙදීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
මෙ සදහා මාසිකව රුපියල් 25,000 ක මුදලක් වැයවන අතර එ සදහා කේ .කේ. ඒ . විරාජ් රංගනාත් , පි.පි. ජි. හසිත එරංග , තිළිණ සේරසිංහ ,චමිලා ප්‍රියන්තී , සහ විදුෂාන් මහතා ඇතුළු තරුණ කණ්ඩායම මෙම උතුම් සත්කාරය වෙනුවෙන් කැපවි සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය බලධාරීන් හට මිනිස් ජීවිත වල කිසිදු වටිනාකමක් නැහැ.ඔවුන්ට අවශ්‍ය වන්නේ,කසිකබල් දුම්රිය හෝ මැදිරි හෝ යොදාගෙන ගවයන් ප්‍රවාහනය කරනවා මෙන් සිදුකොට මුදල් ඉපයීම පමණි.ප්‍රදේශයේ ජනතාව සිදුකළ මේ අගනා ක්‍රියාව දුම්රිය දෙපාර්තේන්තුවේ හා ඇමතිවරයාගේ ආකායක්ෂමතාව ඔප්පුකොට පෙන්වූ කදිම නිදසුනකි.
ඕවට අර 225ම කැමතියි. අපි පොඩි කාලෙ ඩෙස් බන්කු සැපයුවේ රජයෙන්. දැන් අම්මලා දෙනවා. දුම්රිය ගේට්ටුව ප්‍රදේශවාසීන්. . ඉතින් අරුන් ඉන්නෙ අපේ චන්දෙන් ගිහින් අපිවම තම්බන් කන්න විතරයි.
ස්තුති මෙවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් තරැණ පිරිසට. අවදානමක් පවතින අපි යන එන පාරක්.