(ඉන්දිකා රාමනායක)
පොල්දූව වටරවුම දෙසින් වූ පාර්ලිමේන්තු පිවිසුමේ ඉකුත් 13 දින රාතුියේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස් එහි පොලිසිය සතුව තිබී කදුළු ගෑස් හා කඳුළු ගෑස් බෝම්බ 429 ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි .
මින් 340 ක් කදුළු ගෑස් උණ්ඩ බවත් , 89 කඳුළු ගෑස් බෝම්බ බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි .
විරෝධතාකරුවන් පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 340 , උණ්ඩ 50 ප්‍රමාණයක් ගිය දා වැලිකඩ පොලිසිය බොරැල්ල ගෝතමී පාරේ නිවසක සඟවා තිබියදී සොයාගත්තේය.
දැනට අස්ථානගතව ඇති උණ්ඩ සහ කඳුළු ගෑස් බෝම්බ සොයා පොලිස් කණ්ඩායම් විමර්ශන ආරම්භ කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලමයි.. මේව ගත්ත කට්ටිය ඉක්මනට ම විනාශ කරල දාන්න.. මොකද ඔය කල් ඉකුත් වෙච්ච කාලකන්නි විශ දුමට මුහුන දීල මිනිස්සු විතරක් නෙමෙ එව ගහන පොලිසියෙ අයත් දන්නෙත් නති ලෙඩ වලට ගොදුරු වෙනව කියල අපි දන්නවනෙ.. අපහු අරන් යන්න අහු වෙන්න දෙන්න එප.. ඉක්මනට විනශ කරල දාන්න..දෙගොල්ලන්ගෙම යහපත පිනිස...