( රොෂාන් තුෂාර)
සමාජවාදී තරුණ සංගමය අද(24) දින පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇත.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණය වැළැක්වීමේ වාරණයක් නිකුත් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජන මතයට බය රනිල් වාරණ රාජපක්ෂ ,තමුසෙට දඟලන්න තියෙන්නේ තව ටික කාලයයි