(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාර්ලිමේන්තු සංකීර්ණය අසල පොල්දූව අධි ආරක්ෂක කලාප ජල තීරයට ඇතුළුවී සිටි සැකකටයුතු පුද්ගලයෝ දෙදෙනෙක් දියවන්නා ඔයේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔරු දෙකක් සහ තවත් උපකරණ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදුන් බව නාවික හමුදාව පවසයි.
දෙදෙනා මෙම ස්ථානයට පැමිණියේ කුමන අරමුණක් වෙනුවෙන් දැයි සැකයක් මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
විවිධ අරගල කරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට පසුගිය කාලයේදී විවිධ උත්සාහ දැරීම නිසා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කරනු ලැබීය.
පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ නාවික හමුදා ආරක්ෂාවද මේ අනුව වැඩි කෙරුණු අතර මෙම සැකකටයුතු දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූවේද ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ කටයුත්තක යෙදී සිටි නාවික නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොල්දූව අධි ආරක්ෂක කලාපයට රිංගූ දෙකක් අල්ලයි