කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා හෙට(11) සිට නව දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නව දුම්රිය ‘පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය’ ලෙසින් නම් කර ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පස්වරු 3.10 සිට දුම්රියක් ධාවනය වන බවද, එය පැය 6කින් පොළොන්නරුව වෙත ළඟා වන බවද දෙපාර්තමේන්තුව කියයි.
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා !
එක එක දිස්ත්‍රික්කයෙන් පත්වෙන රටේ පාලකයන් ඔවුන්ගේ දිස්ත්රික්කෙට උපරිමයෙන්ම කරනවා. අනික පළාත් අමතක කරලා. මේ යන විදිහට රටේ පාලනයට දිස්ත්‍රික්ක 22 න්ම එක පාරට ජනපතිලා, අගමැතිලා පත් කර ගත්තා නම් මුලුරටම ගොඩ...
ඔය දුම්රිය කොළඹ කොටුවේ ඉඳන් වෙනුවට ගාල්ලේ ඉඳන්ම දැම්මා නම් සංචාරකයින්ට මොන තරම් ප්‍රයෝජනවත්ද? එ්ත් රජයේ සහනාධාර මත දුවන දුම්රියෙන් සංචාරකයෝ යනවා කියන්නේ සංචාරකයින්ට අපේ රටට ඇවිත් ගමන් බිමන් යන්න රජයෙන් සහනාධාර දෙනවා කියන එක, වෙනත් වචන වලින් කියනවා නම් ජනතාවගේ බදු මුදල් වලින් සංචාරකයන් රට පුරා සංචාරය කරනවා කියන එකයි. කොහෙන් ගියත් වරදින තැනක් එනවනේ...
මොන තිසි කියල දාගෙන පටන් ගත්තත් වැඩක් වෙන එකක් නැහැ මහත්තයෝ , ඔයාලගේ වර්ජන නිසා මිනිස්සුන් කලකිරිලා ඉන්නේ.ඔහොමවත් පොඩ්ඩක් උඩට එන්න බලන්න.
ඕක පොළොන්නරුවට නෙමේ තිකුනමලයට හෝ මඩකලපුවට යාමට සලස්සන්න .කාහටත් ප්‍රයෝජනය වේවි
කොළඹ කොටුවේ සිට පොළොන්නරුවට පැය හයක් යනවා නම් ශීඝ්‍රගාමී වෙන්නේ කොහොමද ?
ජනාධිපතිට ගෙදර යන්න පුළුවන්.........
ගමනා ගමන පහසුකමක් කොහේ ඉඳල කොහාට දැම්මත් අපි කැමතියි.
නම දිග වැඩියි, "පුලතිසි කුමාරි" කියලා දාන්න
"මයිත්රිපාල එක්ස්ප්‍රස්" කියල දමන්න බැරි නිසාද පුලතිසි කියා දැම්මේ ? ඔය කෙටි දුර ගමනට පැය 6ක් යනවා නම් ඒකත් ජනාධිපතිගේ වේගයටම සමාන බව නොකියම බැරිය !!!
කොළඹින් හවස 3.30 ට නැතුව පාන්දරින් එකක් දැම්ම නම් හොද නැද්ද ... ?
ඇත්තටම සතුටට කරුණකි. අපි සාමාන්‍යයෙන් සෑම සති අන්තයකම කොළඹ සිට යන අය. බස් රථයේ ගන විටත් පැය 6යි යන්නේ. අධිවේග වෙලත් පැය 06ක් යන එක ගැටළුවක්. අනෙක හැකිනම් අර්ධ සුඛෝපභෝගී බස් සේවාව වෙනස් කළ යුතුයි. මුදල වැඩි වුනාට කිසිම සුඛෝපභෝගී බවක් නැත. 2018 දෙසැම්බර් සිට එම සේවාව ඉවත් කරන බව කීවාට එසේ කර නැත. මහජනතාව ඉතා දුක්ඛිත විදියට එම බස්වල යන්නේ. නිදහසේ යන්නට බැරි තරමට ශබිධය දාලා. ඒවා ඉවත්කර මිනිස්සුන්ට පහසුවෙන් යාමට හැකි පරිසරයක් බස්වල ඇති කරනවානම් බොහෝම වැදගත්.
හොද වැඩක්.. අපේ අලි ටිකත් බේරගෙනම ඔය ගමන යන්න..
ආපහු එන්නේ පාන්දර 3.45 ට. පාන්දර වැඩිද මන්දා .
කොළඹ කොටුවෙන් ආරම්භක වෙලාව 3.05 නැතිව 3.10 හෝ 3.15 කරන්න බැරිද? කෙටි නිවාඩු යන අයට නැතිනම් 3.55 වෙනකම් ඉන්නන වෙනවා. එ්ක අපරාධයක්.