(ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල නගරයේ අත්තනගලු ඔය අසල කුඩා පැලක සිටි කාත්කවුරුත් නැති කන්තාවක ඔයේ සැඩ පහරට අසු වී ගසා ගෙන යද්දී පැය හතරක මෙහෙයුමකින් පසු දිවි බේරා ගත් පුවතක් නිට්ටඹුව පොලිසියෙන් වාර්තා වෙයි
වයස අවුරුදු හැටක් පමණ කේ. කරුණාවතී නැමැති මෙම කාන්තාව පෙරදින රාත්‍රී නිදා ගෙන සිටියදී දැඩි වර්ෂාවත් සමග ගලා ආ මහා ජල පහරකට අසු වී අතුපැලත් සමග ගසා ගෙන යද්දී ඔයට නැමී තිබූ අත්තක එල්ලී ඇය කෑ ගසා ඇත.
එම සද්දය ඇසි අසල්වාසීන් පිරිසක් එම ස්ථනයට පැමිණියත් ඇය බේරා ගැනීමට නොහැකිවූ නිසා වහා ක්‍රියාත්මක වී 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ බව දන්වා ඇත.
ඒ අනුව නිට්ටඹුව පොලීසියේ පොලිස් සැරයන්වරුන් වන හේමචන්ද්‍ර (47617) හා අමිත්(61798) යන මහත්වරු සුළු වේලාවක් ඇතුළත එම ස්ථානයට පැමිණ බලද්දී කාන්තාව ගසේ අත්තක එල්ලී සිටිනවා දුටුවත් සැඩ පහරට පැන ඇය බේරා ගැනීමට නොහැකි වීමත් සමග පොලිස් නිලධාරීන් දෙදෙනා පිහිනීමට දක්ෂ රුග්ගහවිල උඩුගොඩ පදිංචි ඩබ්ලිව් ඒ අසංක නිරෝෂන්(38) මහතාට දුරකථන ඇමතුමක් දී ඇත.
ඒ මහතා විනාඩි දහයකටත් වඩා අඩු කාලයකදී එම ස්ථානයට පැමිණ මහා සැඩ පහරට පැන පැය හතරකටත් වඩා වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා පෙරදින අලුයම 04 ට පමණ එම කාන්තාව ඔයෙන් ගොඩ ගෙන වහාම වතුපිටිවල රෝහලට රැගෙන යාම නිසාම ඇයගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇත.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැලත් එක්ක සැඩපහරට හසු වූ අම්මා පැය හතරකට පසු බේරා ගනී
Karl Saturday, 15 May 2021 03:03 PM
මිහිපිට දෙවිවරු...
Pradeep Saturday, 15 May 2021 03:20 PM
නිවන් මගට මහ පාරමිතාවක් වේවා ඔබට...!!!
Laksitha Saturday, 15 May 2021 04:06 PM
බොහොම පින් ...!!!
Almeida Saturday, 15 May 2021 05:23 PM
මිහිපිට දෙවිවරු...
Bandara Saturday, 15 May 2021 06:44 PM
ඔබට ගොඩක් ස්තූතියි..!!!
විපරමා Saturday, 15 May 2021 07:33 PM
කරපු පින් හේතුකොටගෙන ඔහුට කිසිම දුකක්,කරදරයක් නොවේවා ! නිරෝගී සම්පත ලැබේවා ! දිර්ගායු අත්වේවා!
යසරත්න බණ්ඩාර Sunday, 16 May 2021 02:05 AM
තවත් කෙනෙකුගේ ජීවිතය ගැන සිතන මෙවැනි වීරයන්ට උපහාර කල යුතුයි.
Raveendra Sunday, 16 May 2021 03:31 AM
ඔබට යහපතක්ම වේවා...!!!
Dharmatileke Sunday, 16 May 2021 04:40 AM
ඔබට කිසිම දවසක අනතුරක් නොවේවා.!
ලුම්බිණි Sunday, 16 May 2021 04:47 AM
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත
suneetha jayasundara Monday, 17 May 2021 11:12 AM
පුතේ, නුඹට ඉතාමත් පින්... බුදු සරණයි..!!!