(ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම කැන්දලන්ද කෘෂි මාවත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක මායිම් බිත්තියක් කපරාදු කිරීමට ඉදිකර තිබූ යකඩ පලංචියක් කඩා වැටී අඩි 18 ක් පමණ උසක සිට බිමට ඇද වැටුණු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
බරපතල තත්ත්වයේ පසු වූ තවත් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර අනිත් පුද්ගලයාගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පනාමුර , ජදුර , වලස්ගල හේන අංක 312 / ඩී / 01 හි පදිංචි වීරක්කුට්ටිගේ සුමනරත්න (39) නමැති පෙදරේරුවකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd