(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති තීරණ නිසා යැයි ද ඒ පව් වලට දැන් රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව වග උත්තරකරුවන් වී ඇතැයි ද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාලකයන්ගේ වැරදි වලට ජනතාවට වග කියන්න නොහැකි බව කී විජිත හේරත් මහතා දුප්පත් ජනතාව දුක් විඳිද්දී වැරදි තීන්දු ගත් පාලකයන් නිදැල්ලේ සිටින බව කීය.
වැරදි ප්‍රතිපත්ති හා දේශපාලනඥයන්ගේ විවිධ ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල ලෙස විදුලිය පමණක් නොව ගෑස් ,ඉන්ධන ආදී සියල්ලේ මිල වැඩි වෙමින් තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
විදුලි බිල වැඩි කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයො උන්නාම. ඒ ගොඩට මෙයත් අයිතියි. දුප්පත් අහින්සක මහජනයා වෙනුවෙන් නැහෙන අඩන මොවුන් ඔවුන් වෙනුවෙන් එක සතයක් දීල තිබේද ?.
මේ ගොල්ලෝ සතයක් දුන්නද කියලා හොයන අයට අනිත් ගොල්ලෝ මිනිස්සුන්ගේ තුට්ටු දෙකත් හූරගෙන කන එක ගැන කිසි අමාරුවක් නැහැනේ..? හොරකම් කරන එළිපිට මංකොල්ල කන අයගේ වැරැදි කියන්න දිව නැමෙන්නේ නැත්තේ මිලානෝවල ඉන්න නිසාද?
මෙන්න බොලේ දවසේ කියමන... විදුලි බලයේ පාඩුවලට පාලකයින් වැරැදියි තමයි. ඒත් එදා තමුන්ලා රටේම විදුලිය නැතිකළ ඒවා අමතක වෙලා වගේ.. මොනවාහරි කියන්න ඕනෑ නිසාද ලොකු ටෝක්ස් දෙන්නේ..?
මේ උදවියට ඒ දවස්වල ට්‍රාන්ස්ෆෝමර් පෙන්නන්ට බෑ...
SHARM WARN, වැස්කටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැද්ද? කෙහෙද යන්නේ කියලා ඇහුවාම මල්ලෙ පොල් කියනවා. ඉන්න තැන නෙවෙයි ප්‍රශ්නය. මෙයා කියන කතාවටයි උත්තර බැන්දේ. ලිං මැඩියෙක් වෙන්නේ නැතිව ලෝකයේ මොනවද වෙන්නේ කියලා බලන්න. රුසියාවේ යුද්ධය නිසා පෙට්‍රල් ගෑස් අහස උසට ගිහිලාල්ලා තියෙන්නේ. අඩුම තරමේ දන්නවද රුසියාව මුළු යුරෝපයේම ගෑස් නළ වහලා කියලවත්. මොනවා හරි ලියන්න ප්‍රථම දන්න කෙනෙකුගෙන් අහන්න.
කෝ මේ දේශපාලන ඉස්සගේ, මහ එකා අර කලු ලපයා මේ දවස් වල අඹු සිඟිත්තා බලන්න අයර්ලන්තයට සැපත් වෙලාද? දැන් එහෙ සමර් එකනේ, ආතල් ගන්න හොද කාලේ. හැබැයි එහෙ ඉතින් අපේ අයියලා ඉන්නවනේ ඔක්කොම බලාගනියි...