(යොහාන් භාසුර)
රට ගොදුරුව තිබූ දැවැන්ත අර්බුද ගණනාවකින් රනිල් - රාජපක්ෂ ආණ්ඩුව ගෙඩගත්තේ යැයි වර්තමාන පාලකයන් පවසන බවත් මෙම පාලකයන් ඉන්නකම් අර්බුද ඉවර නොකරන බවත් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
පාලකයන් අර්බුදය වචන අස්සේ හංගීමට උත්සහ කරමින් සිටින බවත් 2019 වසරේ රාජපක්‍ෂ ආණ්ඩුව පිහිටුවන විට රුපියල් 104 පැවැති ඩීසල් ලීටරය රුපියල් 363 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
රුපියල් 136 කට තිබූ පෙට්්‍රල් ලීටරය මිල මේ වන විට රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය එසේ වුවද බලයා කිලෝවකින් ධීවරයාට ලැබුණු මිලේ වෙනසක් නොවූ බවත් ඒ මහතා සඳහන් කළේය.
හාල් සහ සීනි මිල මේ වන විට අහස උසට නැග ඇති බව කී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තිබිය යුතු අතර ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු රට අතහැර නොයා යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ ගණන් වලින්ම කියනවා 2019 වෙනකොට රනිල් හොඳට කරා ආපහු කරයි කියලා...!
2004 දී රාජපක්ෂ මැතිතුමාව බලයට ගෙනාවේ ඔබතුමන්ලා නේද?
කෝටි ගාණක් ඡන්ද කැම්පේන් එකට වියදම් කරනවා. මිනිස්සුන්ට නම් ප්‍රශ්න තමයි. හැබැයි නිර්ධන පන්තියේ සම්මාදම් වලින් ෆුල් සූට්., බිස්නස් ක්ලාස් එයාර් ටිකට්. කාවද රවට්ටන්නේ?
ගොයියෝ ලීටර් එක රුපියල් 104 ආවේ ගැලුම රුපියල් 5 තිබිලා. හාල් කිලෝ එක රුපියල් 220ට නැග්ගේ සේරුව සත 75ක් තිබිලා ඒ කාලේ ඉපදිලා හිටියේ නැහැ. ගැලුම 5 සිට ලීටර් එක 104 වීමටවත් 75හාල් සේරුව කිලෝව රුපියල් 220 දක්වා නැගීම කාලයාගේ ඇවෑමෙන් සිදුවුණු දේවල්. අද බොරතෙල් මිල 50% නැග්ගොත් හෙට තෙල් මිල 60% නගිනවා. ඔබලා බලයට ආවාම ඔක්කොම අඩුමිලට දෙන හැටි බලමු...
මේ පාලකයින් ඉන්නකම් රටේ අර්බුද ඉවර නොකරන බව විධායක කමිටු සාමාජික විජ්ජාරත්න පැවසීය... සමන්තෝ එක්දහස් නවසිය අසූගණන්වල සිට ටියුෂන් මාපියාව රටේ දරුවන්ට බලවත් අර්බුදයක් වෙලා තියෙනවා දැන් කාලයේත් ඒක බලවත්ම අර්බුදයක්ව පවතිනවා මම කියපු කාලයේ පී සික්ස් උගන්නපු රණබිමේ වීරයෙක් දැන් නුඹලගේ දිස්ත්‍රික් කමිටු සාමාජිකත්වයක් අරගෙන ජනාධිපතිවරණය මෙහෙයුම් රැස්වීම් මෙහෙයවනවා. සමන්තෝ ඉතින් නුඹලා වුනත් ටියුෂන් අර්බුදය සීග්‍රයෙන් ඉදිරියට ගෙනියාවි කියලා හිතෙනවා... එහෙම හොඳයි...!