IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොල් ලෙල්ලට ලොකු වටිනා කමක්

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂයේදීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ඩොලර් මිලියන 300ක වියදමින් ආනයනය කළත් 2023 වර්ෂයේ දී මෙරටට සහල් ඇටයක්වත් ආනයනය කිරීමට අවශ්‍ය වූයේ නැතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

බරවකුඹුක කච්චිගල්ආරේ අපනයනය සඳහා වන පොල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ අරඹමින් අමාත්‍යවරයා මෙි බව කීය.

මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කොහු සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින අතර මීට අමතරව ඩුබායිවලින් ද ඉහළ ඉල්ලුමක් පවතින නිසා කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාද විදේශ විනිමය උත්පාදනය කරන කර්මාන්තයක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

සුළු පරිමාණ වැව් යටතේ ඇති ඉඩම්වල මීලඟ යල කන්නයේ දී මුං ඇට, කව්පි, බඩ ඉරිඟු වැනි අතිරේක බෝග වගා කිරීමට තීරණය ඇතැයි ද අමාත්‍යවරයා කීය.

 



අදහස් (7)

පොල් ලෙල්ලට ලොකු වටිනා කමක්

nanda Monday, 15 January 2024 06:33 AM

මුනුත් පොල් ලෙලි වගේ තමා .වාසි පැත්තට පැන පැන හැමදාම ..ඇමතිවරු

:       0       10

chandima Monday, 15 January 2024 07:01 AM

ඔය සේරම ඇමති කරනවානම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් ඕන නැහැනේ ?

:       1       6

siri Monday, 15 January 2024 07:55 AM

මුට නම් වඩා පොල් ලෙල්ලත් වටිනවා

:       1       14

Nimal Monday, 15 January 2024 09:31 AM

රටම කාබාසිනියා කරලා දැන් ඉතින් පොල් ලෙල්ලේ හරි එල්ලියව්

:       1       11

Bamunuarachchi Tuesday, 16 January 2024 03:07 AM

රට කාබාසිනියා කලේ පාහර ජෙප්පෝ. රැකියා නැතිකලේ ජෙප්පෝ. රෙදි කර්මාන්තය විනාශ කලේ පාහර ජෙප්පෝ. ඒකාලේ ඔබ ඉපදිලා හිටියේ නැතිනම් තාත්තා ගෙන් අහගන්න.

:       0       0

Amal Monday, 15 January 2024 10:54 AM

මෙරට නිෂ්පාදනය කරන කොහුබත් හා පොල් කෙඳි නිෂ්පාදන සඳහා චීනයේ විශාල ඉල්ලුමක් පවතින අතර, චීනාගේ ප්ලාස්ටික් කොස්සට, ඉදලට මෙරට විශාල ඉල්ලුමක් පවතී.

:       1       18

Kazi Shajahan Monday, 15 January 2024 02:13 PM

ඒකවත් හරියට කරපන්.දීපු වැඩ ඔක්කොම අනාගත්තා .කුණු පොහොර නැව ,කාබනික පොහොර ,බිත්තර ,හාල් , අනා ගත්තා නේ පහු ගිය කාලේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site