IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොල් මරුවෙක් එයි

(අංජුල මහික වීරරත්න)

 වියලි කාලගුණය  සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී  ඇතැයි  පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.  

 පුත්තලම දිස්ත්‍රික්කයේ  දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම ප්‍රදේශ වල සුදු මැස්සාගේ හානිය  පවතින බව නිරීක්ෂණය වී තිබේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලත් සුදුමැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද පොල් වගා කිරීමේ මණ්ඩලය වගාකරුවන්ගෙන් ඉල්ලිමක් කළේය.

 සුදු මැස්සා මර්දනය සඳහා  සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.  

 පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 සුදු මැස්සාගේ හානිය හෝ පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන්  පවතී නම් ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත  032-3135255 දුරකථන අංකයෙන් ද  පොල් පර්යේෂණ ආයතනයේ ක්ෂණික දුරකතන අංක 1228 හා ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ  1920 ඇමතීම මඟින් ද සුදු මැස්සා හානිය පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පහසුකම් සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

 



අදහස් (2)

පොල් මරුවෙක් එයි

සීඩී රණසිංහ Sunday, 10 March 2024 10:06 PM

පාසල් දරුවෙකු ඕකට විසඳුමක් වශයෙන් නව සොයා ගැනීමක් තිබුණා. ඒවාට අවධානය යොමුකර වැඩිදියුණු කිරීමෙන් ඔය උවදුර පාලනය කර ගැනීමට පුළුවන් යන්න මගේ අදහසයි...!

:       0       0

sam Monday, 11 March 2024 07:20 AM

සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් ලබාදී නිහඩව නොසිට නිසි ආකාරයෙන් එය සිදුවනවාද ? සුදු මැස්සා මර්දනය සිදුවන පළාත් සහ ප්‍රමාණයන් පිළිබද data ලබාගත යුතුවේ. සුදු මැස්සාගේ හානිය හෝ පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන් පවතී නම් ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානය මගින් පොල් වගාකරුවන් දැනුවත් කිරීමට මාධ්‍ය යොදාගැනීම ( tv

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site