
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වොලිබෝල් පිටියක් සම්බන්ධව ආරවුලක් දුර දිග යාමෙන් අද 20) ඇතිවු ගැටුමකින් පසු පුද්ගලයකු කාන්තාවකට එල්ල කළ පොලු පහරකින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමේන් පසුව මෙසේ මරණයට පත්ව ඇත්තේ මාදම්පේ පොලිස් වසමට අයත් ගල්මුරුව ප්‍රදේශෙය් පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දයානි නැමති 52 හැවිරිදි කාන්තාවකි.
මරණයට පත් කාන්තාවගේ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය ඉඩමේ වොලිබෝල් පිටියක් සාදා ඇති බවට ඇයට ලැබූ තොරතුරක් මත මේ සම්බන්ධව සොයා බැලීමටඑම ඉඩමට වෙත ගොස් ඇති බව කියයි.
එහිදි මෙම ඉඩම ආසන්නයේ පදිංචිව සිටින පුද්ගලයෙකුගෙන් මේ සම්බන්ධව විමසීමේදී දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවත් ඉන් පසුව එම බහින් බස්වීම දුරදිග ගොස් ඇති බව කියයි.
මෙහිදි අදාල සැකකරු විසින් කාන්තාවට පහර දී තිබේ. එම අවස්ථාවේ කාන්තාව ද ඒ අසල තිබූ ලීයකින් ඔහුට පහර දීමට තැත් කිරීමේ දී එම පුද්ගලයා එය උදුරාගෙන කාන්තාවට දිගින් දිගට පහර කීපයක් එල්ල කර ඇත.
එහිදී හිස ප්‍රදේශයටද පහර කීපයක් එල්ල කිරීමෙන් කතාන්තාව සිහිසුන්ව බිම ඇද වැටී ඇති බව කියයි.
පසුව සිද්ධිය සම්භන්ධයෙන් මාදම්පේ පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ පොලිසිය විසින් මාදම්පේ රෝහල වෙත ඇය රැගෙන ගොස් රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකනට පසු ඇය මිය ගොස් තිබේ.
මාදම්පේ පොලිස් ස්ථානාධිපති සමන් ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුරංග මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුඩුක්කු කාරයො කවද්ද ක්‍රීඩකයන් උනේ ?
තමන්ගේ ඉඩමේ අනවසර දෙයක් කරනකොට විරුද්ධවීම වරදක් වෙන්නෙ කොහොමද? මිනීමරුවා මංකොල්ලකාරයෙක් නැත්නම් කුඩ්ඩෙක් වෙන්න පුළුවන්... උපරිමයෙන් දඬුවම් දියයුතුයි.