
(අංජුල මහික වීරරත්න)
පොල් හා තැඹිළි වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද (11)දා උපදෙස් දුන්නේය.
සුදු මැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් ඇතුලත අරඹන්නැයි ද ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු කමිටු අංක ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු කුරුමිනි, කලු කුරුමිනි සහ පොල් පැලවල ගොබය කා වීනාශ කරන කුඩා කුරුමිනි විශේෂ පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. කුරුමිණි උවදුර කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘති වලින් ප්‍රචාරණය වෙන විදිහක් පේනවා...
ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයට පොල් කළු කුරුමිණියා සහ පොල් රතු කුරුමිණියා මර්දනය කිරීමට අවශ්‍ය නැත (පොල් කුරුමිණියා සහ රතු කුරුමිණියා) ඔවුන් පොල් ඉඩම්වල කුරුමිණියන් වැඩි කරන වැදගැම්මකට නැති විෂ සහිත පළිබෝධනාශක සහ හෝමෝන යොදා පරීක්ෂණ සිදු කරයි. CRI හට රතු කුරුමිණි සහ කළු කුරුමිණි ගැටළු සම්පූර්ණයෙන් ජය ගත නොහැක.
පොල් පර්යේෂණ ආයතනය... මොකටද? සුදු අලියෙක් පමණි.