IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොල් ගෙඩිය හිසට වැටී දැරියක් මරුට

(බණ්ඩාර ජයරත්න)

මාවනැල්ල නඟරයේ  පෙරපාසලක කුඩා දැරියකගේ හිසට  පොල්ගෙඩියක් වැටි තුවාල ලැබූ දැරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පොල්ගෙඩිය වැටීමෙන් තුවාල ලැබූ දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු බරපතළ තත්වයේ පසුවූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කළ පසු මරණයට පත්ව ඇතයි මාවනැල්ල පොලිසිය පැවසීය .

අනතුරින් මරණයට පත්ව ඇත්තේ  රනුලි හසත්මා එදිරිමාන්න නැමැති දියණියකි.  දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් බවත් පියා රජයේ රෝහලක ගිලන්රථ රියදුරකු වශයෙන් කටයුතු කරන බවද පොලිසිය පැවසීය .

පෙරපාසැලේ ගේට්ටුව වහන්න එනවිට පාලිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනා සමග නැවත පෙරපාසලට යමින් සිටියදි රනුලි දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටිමෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මියගිය දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .

 



අදහස් (3)

පොල් ගෙඩිය හිසට වැටී දැරියක් මරුට

කමල් Thursday, 01 August 2024 08:37 PM

රත්තරං දුවට නිවන් සුව

:       0       1

Lalla Friday, 02 August 2024 07:48 AM

මෙවැනි ස්ථානයක කිසිම විශාල පළ දරන ගසක් තබන්න බැරි නීති අවශ්‍ය නේද? කොස් පොල් අඩුම තරමේ අඹ ගසක් නොතිබීමයි හොඳයි.

:       2       5

Janaka Friday, 02 August 2024 09:20 AM

පෙර පාසලක් පවත්වන විට දසදිසාවෙන් දරුවන්ට සිදුවියහැකි අනතුරු ගැන බලන්නෙ නැද්ද මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් පෙර පාසල් නිරීක්ෂණය කරන්නෙ ලියකියවිලි පමණක්ද කියලා අහන්න ඕන

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site