(සිසිර කැලේගම)
පලා කැඩීමට පොල්පිතිගම හාතිගමුව මහ වැවට ගිය පුද්ගලයකු එරී සිටියදී බේරාගෙන රෝහල්ගත කළ බව පොල්පිතිගම පොලිසිය කියයි.
එම ප්‍රදේශයේ පදිංචි මෙම තැනැත්තා අතුරුදන් වී ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව පොලිසිය පැමිණ සොයා බැලුවත් හමු වී නැත.
මෙම තැනැනත්තා 42 වන වියේ පසුවන අයෙකි. කලක් හමුදා සේවයේ සිටි නිලධාරියෙකි.
දැනට මානසික අසනීපයකින් පසුවන ඔහු හාතිගමුව මහ වැවට කංකුන් දලු කැඩීම සඳහා ගිය අවස්ථාවේ මඩේ එරී ඇත.
ඔහුගේ අතක් කිසියම් සතකු විසින් සපා කා තිබෙන අතර එය කිඹුලකු විසින් සපා කා ඇති බවට අනුමාන කරන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තුවාලකරු ඒ මොහොතේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් සේවකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලා කඩන්න ගිහින් මඩේ එරිලා:දවසකට පසු සොයා ගනී
Bunny Preena Saturday, 02 September 2023 09:56 AM
මානසික රෝගියකු සිටින පවුල්වල අය මුලදී එවැනි රෝගීන් ගැන හොඳ අවධානයෙන් සිටියත් පසුකාලිනව එම තත්වයෙන් මිදී කටයුතු කිරීම මෙවැනි දේවල් සිදුවීමට ප්‍රධානතම හේතුවයි.
සීලරතන Sunday, 03 September 2023 12:30 AM
ඉතිං මඩේ එරෙනකන් කන්කුන් කැඩුවාද, අනික ගෙදර හරි කාටහරි call එකක් දෙන්න තිබුනේ නැද්ද? ගෙදර නොකියා කන්කුන් කඩන්න ගියාද? මේ වගේ අසනීප අය කංකුන් කඩන්න යවන්නේ ඇයි. ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.