IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් ලෙඩේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද(06) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකු වලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.එම කාලය තුළදී බැංකු විසින්  ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකු වලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය සියයට 2 කින් බැංකු අඩු කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා(05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කළ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල  දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹී බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.එසේම මම මස අවසාන වන උද්ධමනය සියයට 7 දක්වාත් ඉන්පසුව මෙම වසරේ මැදි භාගය වන විට උද්ධමනය තවත් පහලට යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් ලෙඩේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site